brand logo
logo

පොහොර නොමිලේ දෙමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරිනවා -ගෝඨාභය අනුරාධපුරයේදී පවසයි

10 October 2019

දැනට ගොවීන්ට රුපියල් තුන්සිය පනහට ලබාදුන් පොහොර සහනාධාරය තමන් බලයට පැමිණි පසු නොමිලයේ ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැවසීය. ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් ඊයේ (09 වැනිදා) අනුරාධපුර සාල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැති ජන රැලිය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මේ බව පැවසීය. දැනට ගොවි ජනපද ප්‍රදේශවල ජනතාව වෙලාගෙන සිටින ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමටත්, රණවිරුවන්ට විශ්‍රාම වැටුප් ලබාදීමටත් කටයුතු කරන බව ඔහු මෙහිදී පැවැසීය. ඊට අමතරව දැනට ජනතාව පීඩාවිඳින අලි මිනිස් ගැටුමටද නිෂ්චිත විසඳුමක් ලබාදීමටද කටයුතු කරන බව සඳහන් කළේය. චමින්ද සේනාරත්න
 

More News..