brand logo
logo

අහුන්ගලේ පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්

30 May 2022

කලහාකාරීන් විසුරුවන්න පොලිසිය වෙඩි තියයි

බීමත් කණ්ඩායමක් ඊයේ (29) රාත්‍රීයේදී අහුන්ගල්ල පොලිසියේ නිලධාරීන් පිරිසකට පහරදී ඇත. ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසියට අහසට වෙඩි තැබීමටද සිදු ව ඇති බව වාර්තා වේ. මෙහිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර එක් නිලධාරියකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත. ජංගම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් නගරයේ බීමතින් අශෝභන ලෙස හැසිරෙන පිරිසක් දැක ඔවුන්ට අවවාද කිරීමට යෑමේදී ඔවුන් පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී පහර දී ඇත. මෙහිදී පොලිසිය අහසට වෙඩි තබා ඇති අතර පසුව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
 

More News..