brand logo
logo

ඉන්ධන ගන්න ඉන්දියාවේන් ඩොලර් මිලියන 500ක්

22 April 2022

මූල්‍ය අරමුදලේ සහන ලැබීමට තවත් මාස 6ක් ?

ඉන්ධන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 500ක මූල්‍ය ආධාරයක් ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා. එහි දැක්වෙන්නේ ඊට අමතරව බංග්ලාදේශයට ගෙවිය යුතු ඩොලර් මිලියන 450ක මුදල ගෙවීම කල් දැමීමට බංග්ලාදේශ රජය එකඟතාව පළ කර ඇති බවද විදේශ අමාත්‍යවරයා පැවසූ බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලැබීමට තවත් මාස 6ක් පමණ ගතවනු ඇති බවත් විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පෙන්වා දී ඇත්තේ මෙම ආධාර ලැබෙන තෙක් ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම වෙනුවෙන් ආධාර සොයා ගත යුතු බවයි.
 

More News..