brand logo
logo

කොන්දොස්තර බසයෙන් තල්ලු කර මුදල් කොල්ලකාලා

04 July 2022

යාපනය අම්පාර බසයක් තුළ මංකොල්ලකෑමක්

යාපනයේ සිට අම්පාර බලා ධාවනය වෙමින් තිබූ යාපනය ලංගම ඩිපෝවට අයත් බස් රථයක සිටි මගීන් තුන් දෙනෙකු බස් රථයේ කොන්දොස්තරවරයාව බසයෙන් බිමට තල්ලු කොට ඔහු සතුව තිබූ රුපියල් 59,177 ක මුදලක් පෙරේදා (02 ) රාත්‍රියේදී කොල්ල කා පලා ගොස් තිබේ. මෙම සිද්ධිය සිදුව ඇත්තේ කිළිනොච්චියේ උමයාල්පුරම් ප්‍රදේශයට ආසන්නයේදී වන අතර කොල්ලකරුවන් තුන්දෙනා යාපනයේ සිට එම බස් රථයේ ප්‍රවේශපත්ද මිලට ගෙන පැමිණෙමින් සිට එක් වරම බසය නැවැත්වූ අවස්ථාවක කොන්දොස්තරවරයාව බිමට තල්ලු කොට මෙම මුදල් මංකොල්ලය සිදු කොට ඇත. බසය නවත්වන ලද අවස්ථාවේදී බසයෙන් බැස සිටි මගීන් පවසා ඇත්තේ තරුණයන් තුන් දෙනා අතුරු මාර්ගයක් ඔස්සේ දිව ගිය බවත් තමන්ට ඔවුන් දුටුවහොත් හඳුනාගත හැකි බවත් එම මගීන් පොලිසියට ප්‍රකාශ කර තිබේ. කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
 

More News..