brand logo
logo

ගෑස් ටෙන්ඩරය ගැන ලිට්‍රෝ සමාගම පැහැදිලි කරයි

20 June 2022

ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

වර්තමාන ගෑස් හිඟය සහ පෝලිම් පිළිබඳව අවධානය යොමු කර තාවකාලික ගෑස් සැපයුම සඳහා ඕ.කිව්. ට්‍රේඩින් සමාගම සමඟ ගිවිසුම්ගත වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් සියම් සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කර ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන ක්‍රියාකළ හැකි වන පරිදි ටෙන්ඩර් කැඳවීමට උපදෙස් ලැබුණු බවත් ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම සමාගම වැඩිදුරටත් පවසන්නේ මෙලෙස වැඩි ගාස්තුවක් සහිත සමාගමකින් ගෑස් මිලදීගනු ලබන්නේ විවිධ පටු වාසි ලබාගැනීමේ අරමුණින් බවට ඇතැම් පාර්ශ්ව සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන චෝදනා අසත්‍ය බවය. ඇති වී තිබෙන උග්‍ර ගෑස් හිඟය හමුවේ අඛණ්ඩ සැපයුමක් සහතික කළ හැකි සැපයුම්කරුවකුගෙන් ගෑස් සපයාගැනීමට අවධානය යොමු කිරීමේදී සමාගම් තුනක් ලිට්‍රෝ ආයතනය වෙත මිල ගණන් ඉදිරිපත් කර තිබුණි. එම සමාගම් ත්‍රිත්ත්වය වන්නේ සියාම් ට්‍රේඩින්, ඕක්‍යු ට්‍රේඩින් සහ බීබී එනර්ජි යන සමාගම්. මින් සියාම් සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා අමෙරිකානු ඩොලර් 112 ක නෞකා ගාස්තුවක්ද, ඕක්‍යු ට්‍රේඩින් සමාලම ඩොලර් 129 ක ගාස්තුවක්ද , බීබී එනර්ජි සමාගම ඩොලර් 148 ක ගාස්තුවක්ද අය කරන බව දන්වා තිබේ. මින් අඩුම මිලක් ප්‍රකාශයට පත් කළ සියාම් සමාගම තමන්ට වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ සැපයිය හැක්කේ ගෑස් මෙට්‍රික් ටොන් 6,600ක් පමණක් බව දැනුම් දුන් බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය. එම ගෑස් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ දින 5ක කාලයක් සඳහා පමණය. කෙසේ වෙතත් මිල ගණන් කැඳවීමේදී දෙවැනියට අඩුම මිල ගණන් ඉදරිපත් කළ ඕක්‍යු ට්‍රේඩින් සමාගම මෙරට මාස 4ක ගෑස් අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් ලක්ෂයක ප්‍රමාණයක් අඛණ්ඩව සපුරාලිය හැකි බව දැනුම්දී තිබේ.
 

More News..