ජූලි මස සිට තෙල් දෙන්නේ කෝටා ක්‍රමයට
12 June 2022
ජූලි මස සිට තෙල් දෙන්නේ කෝටා ක්‍රමයට
12 June 2022
ඉන්ධන ගන්න පාරිභෝගිකයන් රෙජිස්ටර් කරයි
ඉන්ධන නිකුත් කිරීමට පාරිභෝගියින් ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචි කර සතිපතා කෝටාවක් ලබාදීම හැර වෙනත් විකල්පයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ජූලි පළමු සතියේ සිට එම ක්‍රමය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙරට මූල්‍ය ශක්තිය ස්ථාවර වනතුරු සහ පැය 24 පුරා ඉන්ධන මෙන්ම විදුලිය ලබා දීමේ අරමුණින් මෙලෙස ලබන මස පළමු සතියේ සිට කෝටා ක්‍රමයට ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. විදුලිය සහ භූමිතෙල් සඳහා ඉල්ලුම වැඩි වීමට ගෑස් හිඟය බලපා ඇති බවත් ඉන්ධන ආනයනයට මිට පෙර ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් පමණ වූ වියදම මේ වනවිට ඩොලර් මිලියන 550 දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වේ.