කොළඹ, ගම්පහ, කළුතරට රතු එළියක්
මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 24,523 දෙනෙකු හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.
එම රෝගීන්ගෙන් 6,483ක් මැයි මාසයේදී හඳුනාගෙන ඇති බව ඔහු සඳහන් කරයි.
ඊයේ (01) දිනයේ පමණක් ඩෙංගු රෝගීන් 313න් දෙනෙකු හඳුනා ගෙන ඇත.
ඩෙංගු රෝගීන් වැඩි සංඛ්‍යාවක් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කයන්ගෙන් හඳුනාගෙන ඇති අතර මහනුවර, ගාල්ල, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රක්කවලින් වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වෙන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් සඳහන් කළේය.