පාකිස්ථන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
22 June 2022
පාකිස්ථන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
22 June 2022
පළමු ටෙස්ට් තරගය ජුලි 16 සිට ඇරඹෙයි
පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ක්‍රිකට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් සදහා සහභාගිවීම සදහායි. තෙදින පුහුණු තරගයකින් තරගාවලිය ආරම්භ කිරිමට නියමිත අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජුලි 16 සිට 20 දා තෙක් පැවැත්වීමට නියමිතය. දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ජුලි 24 දා සිට 28 දා තෙක් පැවැත්වීමට නියමිතය. පාකිස්තාන කණ්ඩායම ජුලි 06දා ශ්‍රි ලංකාවට පැමිණිමට නියමිතය. තෙදින පුහුණු තරගය කොළඹ කෝල්ට්ස් පිටියේදී ජුලි 11 දා සිට 16 දා තෙක් පැවැත්වෙයි.