brand logo
logo

පුද්ගලයෙකුට මරණ දඬුවම

27 May 2022

2018 වසරේදී අත්අඩංගුවට ගත් සැකකරු

හෙරොයින් ග්‍රෑම් 15යි මිලි ග්‍රෑම් 70ක් තමන් සන්තකයේ තබාගැනීම සහ ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට අධිකරණය විසින් මරණ දඬුවම ලබා දී තිබේ. මෙලෙස මරණ දඬුවමට ලක්ව ඇත්තේ දැදිගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි එක් දරු පියෙකි. සැකකරු 2018 වසරේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්ව ඇත්තේ දැදිගම පාසල අසලදීය. සැකකරුට මරණ දඬුවම ලබාදෙමින් විනිසුරුවරිය විසින් යමක් පැවසීමට ඇත්දැයි විමසූ අවස්ථාවේ සැකකරු ප්‍රකාශ කර ඇත්තේ තමන් වයස අවුරුදු 08ක දරුවෙකු බලාගන්නා බවත් තමන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එල්ලවූ චෝදනාවලට නිසියාකාරව පිළිතුරු ලබා නොදුන් බවත්ය.
 

More News..