brand logo
logo

පේරාදෙණියට කොළඹ පරදී

07 September 2021

ලෝක ශ්‍රේණිගත කිරීමේ හොඳම 500ට පේරාදෙණිය තුන්වැනි වතාවටත්

ලොව හොඳම විශ්වවිද්‍යාල 500 අතරට පේරාදෙණිය විශ්වවිද්‍යාලය යළිත් පැමිණ තිබේ. පසුගියදා එළිදැක්වුණු වසර 2022 ටයිම්ස් ශ්‍රේණිගත කිරීම්වලට අදාළ වර්ගීකරණයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මෙම ගෞරවය හිමිවී තිබේ. මෙම ශ්‍රේණිගත කිරීමට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලොව හොඳම විශ්වවිද්‍යාල 500 අතරට පැමිණියේ අඛණ්ඩව තුන්වන වතාවට වන අතර ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිශ්වවිද්‍යාල අතරින් අංක එකට පත්ව තිබේ. ලොව උසස් අධ්‍යාපන අයතන මගින් සිදුකරන පර්යේෂණ මෙහෙවර ඇගයීමට ලක්කර හොඳම විශ්වවිද්‍යාල පිළිබඳ නිශ්චිත ලැයිස්තුවක් එළිදැක්වීම ටයිම්ස් උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී සිදුකරනු ලබයි. ඉගැන්වීම (ඉගැනුම් පරිසරය), පර්යේෂණ (පරිමාව, ආදායම සහ කීර්ති නාමය), උපුටා දැක්වීම් (පර්යේෂණ බලපෑම),කර්මාන්ත අදායම (දැනුම මාරුකිරීම) සහ අන්තර්ජාතික දැක්ම (කාර්ය මණ්ඩලය, සිසුන් හා පර්යේෂණ) වැනි විශ්වවිද්‍යාලවල මූලික මෙහෙවර සියල්ල විනිශ්චය කරන එකම විශ්වවිද්‍යාල වර්ගීකරණය ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගත වර්ගීකරණයයි.
 

More News..