brand logo
logo

රට රැකියාවලට යන අයට සුභ ආරංචියක්

08 July 2022

විදෙස්ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්

විදේශගත ශ්‍රමිකයින් සදහා විශේෂිත විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කර තිබේ. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉදිරි සති කිහිපය තුළ එම විශ්‍රම වැටුප් ක්‍රමය හඳුන්වා දෙන බවයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ට මෙම විශ්‍රාම වැටුපට හිමිකම්  කීමට අවස්ථාව ලැබේ. විදේශගත ශ්‍රමිකයින්ට මේ සඳහා විදෙස් මුදල් ඒකකවලින් වාරික ගෙවීමට අවස්ථාව ලැබෙන අතර කිසියම් ශ්‍රමිකයකු දායකත්ව මුදල් ගෙවමින් සිටියදී මිය ගියහොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වාරික මුදල ගෙවා ප්‍රතිලාභ නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ගෙවීමට කටයුතු කරනු ලබයි. රුපියල් 20,000 සිට රුපියල් 100,000 දක්වා වූ විශ්‍රාම වැටුපක් ලබාගැනීමට මෙහිදී විදෙස්ගත ශ්‍රමිකයින්ට අවස්ථාව හිමිවනු ඇත.
 

More News..