brand logo
logo

රනිල් ලෝක වාර්තාවක් තියයි

12 May 2022

තුනෙන් දෙකක බලයක් ඇති ආණ්ඩුවක් තනියම ඇවිත් ගත් හැටි

රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (12) පස්වරුවේ දිවුරුම් දීමත් සමග ලෝක දේශපාලන ඉතිහාස පොත් අලුත් කරමින් ලෝකවාර්තාවක් පිහිටුවා ඇත. ඒ 6 වතාවක් රටක අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ ලොව එකම දේශපාලනඥයා ලෙසයි. නිදහස් ශ්‍රී ලංකාවේ 26 වන අගමැතිවරයා ලෙස අද දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙවර දිවුරුම් දෙන්නේ 6 වන වතාවටයි. විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලවත් වූ ජනාධිපතිවරයකු යටතේ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පැවති අවස්ථාවක තනි මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම ද සුවිශේෂී කාරණයකි.
 

More News..