brand logo
logo

රනිල් හෙට ජනපති ලෙස දිවුරයි

14 July 2022

 

රනිල්ට අලුතින් දිවුරන්න දෙයක් නැති බව නීති විශාරදයෝ පෙන්වති

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට උදෑසන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන බව වාර්තා වේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට සිය ඉල්ලා අස්වීම කතානායකවරයාට බාර දී ඇති අතර ඒඅනුව ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය පුරප්පඩු වී ඇත. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ අලුතින් දිවුරුම් දීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහර යන විටම අග්‍රාමාත්‍යවරයා වැඩබලන ජනාධිපති ලෙස ව්‍යවස්ථානුකූලවම පත්වන බව නීති විශාරදයින් පෙන්වා දෙයි. එසේ නම් හෙට පෙරවරුවේ සිදු වීමට නියමිත කුමක්ද? අරුණ වෙබ් අඩවිය මේ පිළිබඳ මහාචර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවාගෙන් විමසුවෙමු. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරය වෙනුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා ගන්නා තුරු අග්‍රාමත්‍යවරයාට වැඩබලන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් අවශ්‍ය නම් දිවුරුම් දිය හැකි බව මහාචාර්යය නීතිඥ ප්‍රතාභා මහානාමහේවා පෙන්වා දෙයි. නමුත් ව්‍යවස්තාව අනුව මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්දයකින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කරගත යුතු අතර එහිදී අවශ්‍ය නම් වැඩබලන ජනාධිපතිවන රනිල් වික්‍රමසිංහට ද ඉදිරිපත් විය හැකි බව හෙතම වැඩි දුරටත් පෙන්වා දුන්නේය. මෙහිදී පාර්ලිමෙන්තුවේ පැමිණ සිටින මන්ත්‍රි සංඛ්‍යාවෙන් වැඩි ඡන්ද ලබා ගන්නා පුද්ගලයා අනුපාප්තිය ජනාධිපතිවරයා ලෙස පත් වන බවද හෙතෙම පැවසීය.
 

More News..