brand logo
logo

ලෝක මැලේරියා දිනය අද

25 April 2022

මැලේරියා ඖෂධ 2024 දක්වා පවතී

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ මැලේරියාව තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාවේ යළි මැලේරියාව හිස එසවීම වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අද (25)දිනයේත් ක්‍රියාත්මක බව ජාතික මැලේරියා මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ ය. 2013 වසරේ සිට මෙම වසරේ ඊයේ(24) දිනය දක්වා මැලේරියා රෝගීන් 447 ක් මෙරටින් වාර්තා වී ඇති අතර ඔවුන් සියලුම දෙනා මැලේරියාව පවතින රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව ඔහු සඳහන් කළේ ය. මැලේරියා රෝගීන්ට සහ මැලේරියාව පවතින රටවල් සදහා පිටත්වන පුද්ගලයින් සඳහා සැපයෙන ඖෂධ 2024 වසර c මෙරට සතුව පවතින බව ඔහු පවසයි. මැලේරියා පවතින රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් වසරක් යන තෙක් උණ රෝග ලක්ෂණ ඇති වුවහොත්, නොමිලේ රුධිරය පරීක්ෂා කර ගැනීමට යොමුවන ලෙස ද ඔහු පැවසුවේ ය.
 

More News..