ඖෂධ ගැන සෞඛ්‍ය ඇමති කිව්ව දේ
මෙරට උද්ගතවී ඇති ඖෂධ හිඟය මගහරවා ගැනීමට විදෙස් රටවල් කිහිපයක් උදව්කිරීමට ඉදිරිපත් වී තිබේ.
ඒ අනුව ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස වර්ග 101කට අයත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් ලබන බදාදා (26) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඉන්දුනීසියාව ද පරිත්‍යාගයක් ලෙස රුපියල් මිලියන 340ක් වටිනා ඖෂධ ලබාදීමට එකඟ වී ඇති බව අමත්‍යාවරයා සඳහන් කළේය.