වෛද්‍ය අසේල ගුණවර්ධනගේ තනතුර අහිමි වේ
20 August 2021
වෛද්‍ය අසේල ගුණවර්ධනගේ තනතුර අහිමි වේ
20 August 2021
පන මදි ලොක්කෝ රැසකට තනතුරු අහිමි වෙයි
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුගේ තනතුරු වෙනස්කම් සිදු කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ. කොවිඩ් මර්දන කටයුතු සඳහා ඉහළ නිලධාරීන්ගෙන් සක්‍රිය දායකත්වයක් නොලැබීම මීට හේතුව බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සනාථ කළේය.මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීම්වලදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරුණු පැහැදිලි කර තිබේ.විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නොවන බව වාර්තා වී ඇති බැවින් තනතුරු සංශෝධනය කඩිනම් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.