සහල් උපරිම සිල්ලර මිල ඉහළට
16 August 2021
සහල් උපරිම සිල්ලර මිල ඉහළට
16 August 2021
වැඩිවෙන සහල් මිල මෙන්න
සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල යළි සංශෝධනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.නව මිල සංශෝධනය අමාත්‍ය මණ්ඩලයට අද (16) යොමු කිරීමට පියවර ගෙන ඇත. අමාත්‍ය මණ්ඩල තීරණය අනුව නව ගැසට් නිවේදනයක් හෙට (17) නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සූදානමින් සිටියි. සහල් සඳහා වන තොග මිලෙහි අසාමාන්‍ය ඉහළ යාමක් නිරීක්ෂණය වූ බැවින් සහල් නිෂ්පාදකයන්ට හා මෝල් හිමියන්ට අදාළව සහල් සඳහා උපරිම තොග මිලක්ද නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 2020 නොවැම්බර් මස ද ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ඒ අනුව සුදු හා රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 95ක් ලෙසද, වාෂ්පයෙන් තම්බනලද සුදු හා රතු නාඩු කිලෝග්‍රෑමයක මිල රුපියල් 98ක් ලෙසද, වාෂ්පයෙන් තම්බන ලද සුදු හා රතු සම්බා කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 105ක් ලෙසද, සුදු හා රතු කැකුළු සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 105ක් ලෙසද, කීරි සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 130ක් ලෙසද සඳහන් කරමින් මිල සංශෝධනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.