brand logo
logo

මම තනියම කොහෙවත් ගිහින් නැහැ

12 January 2019

INSIDE MY PHONE – සඳනි ප්‍රනාන්දු 1. සඳනි භාවිතා කරන Phone එක මොකක්ද ? • iphone 8 Plus 2. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තූරය මොකක්ද? Lock Screen එකේ නම් සාමාන්‍යයෙන් i phone එකේම තියෙන එකම තමයි තියෙන්නේ. Home Screen එකේ නම් මගෙයි Boy Friendගෙයි එකක් තියෙන්නේ. 3. Phone Gallery එකේ පින්තූර කීයක් විතර තියෙනවා ද? දැනට 2400 ක් විතර තියෙනවා. 4 . Phone එකේ Gallery එකේ තියෙන ආසම පරණ Photo එක මොකක්ද ? එකක් කියලා විශේෂයක් නැහැ. කිහිපයක් තියෙනවා. 5. වැඩිපුරම කෝල් කරන කෙනා කවුද ? අම්මා සහ Boy Friend තමයි වැඩිපුරම Call කරන්නේ 6. සඳනිට අන්තිමට කෝල් කරපු ප්‍රසිද්ධ කෙනා කවුද ? Boy Friend තමයි. එයත් කලා ක්ෂේත්‍රයේ කෙනෙක්. 7. අන්තිමට පාවිච්චි කරපු ඇප් එක මොකක් ද ? Instagram 8. වැඩිපුරම භාවිත කරන ඇප් එක මොකක් ද ? Instagram සහ Whatsapp 9. Phone එකෙන් වැඩිපුර කතා කර කර ඉන්න කැමැති කාත් එක්කද? යාළුවෝ එක්කයි Boy Friend එක්ක තමයි ඉතිං 10. වැඩිපුරම Play කරන ගේම් එක මොකක් ද ? මම Games Play කරන්නේ නැති තරම්. කම්මැලි හිතුණම Home Scape Game එක Play කරනවා. 11. සාමාන්‍යයෙන් Alarm එක තියන්නේ කොහොමද ? උදේම නැගිටින්න ඕනේ නම් Alarm එක තියනවා. නිදිමතේම Alarm එක Off කරලා ආයේ නිදාගත්තු අවස්ථා කිහිපයක් තිබුණා. ඒ හැම අවස්ථාවකදීම වැඩ ඔක්කොම අවුල් වුණා. ඒ නිසා දැන් නම් Alarm එක වදින Time එකටම නැගිටිනවා. අන්තිමට Google කරේ මොනවද? • Benefits of Drinking Hot Water. ගොඩක් වෙලාවට Google කරන්නේ ඒවගේ ඒවා තමයි. 13. Phoneඑකේ තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක්ද? මට නම් Data Calls 14. අන්තිමට අහපු සින්දුව මොකක් ද ? James Arthur ගේ Can I Be Him 15. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ ෆෝන් එකක් බලන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ ෆෝන් එක ද බලන්නේ ? Jason Derulo ගේ Phone එක තමයි බලන්න කැමැති. 16. Phone එක සම්බන්ධ අමතක නොවන සිදුවීම මොකක්ද? Phone එක වැටෙන්න ගිය අවස්ථාවල Phone එක වැටිලත් කිසිම Damage එකක් නොවුණු අවස්ථා තමයි. ✍? දිළිණි උදාරි -------- INSIDE MY BAG - සඳනි ප්‍රනාන්දු 1. Hand Bag එක සඳනිට වැදගත් වෙන්නේ කොහොමද ? • මම ගොඩක් බඩු Bag එකේ ගෙනියනවා. ඒ නිසා කොහොමත් ගන්නේ ටිකක් ලොකු බෑග් එකක්. Brand පස්සේ නම් යන්නේ නැහැ. මගේ වැඩවලට සුදුසු මම කැමැති එකක් තමයි තෝරා ගන්නේ. 2. සාමාන්‍යයෙන් සඳනිගේ Bag එකේ තියෙන්නේ මොනවා ද ? • Purse එක , Note Book එක, පෑන අනිවාර්යයෙන්ම තියෙනවා. Chager එක, Hands Free Set එක, Perfume ,Deodorant , Body Lotion , Mouth Wash , පනාවක් තියෙනවා. මම වැඩිය Makeup කරන්නේ නැහැ. ඒ නිසා Lipstick එකයි Eye Liner එකයි විතරයි වැඩිපුර තියෙන්නේ. විශේෂ වැඩකට යනවා නම් අමතර ඇඳුමකුත් ඒ Bag එකේම දාගෙන යනවා. 3. කොයිවගේ Brandවල Hand Bag ද භාවිත කරන්නේ? Branded Bag බලපු අවස්ථාවන් තියෙනවා. ඒත් ඒ එකක්වත් මගේ හිතට හරි ගියේ නැහැ. Branded නොවුණත් හිතට හරි ගියොත් නම් අනිවාර්යයෙන් ගන්නවා. 4. කාව හරි Bag එකේ දාගෙන යන්න අවස්ථාවක් ලැබුණොත් කාවද අරගෙන යන්නේ ? අම්මා තමයි. මොකද ඉස්සර ඉඳලා මම තනියම කොහෙවත් ගිහින් නැහැ. ඉතිං මම යන යන තැන අම්මා එනවා නම් මම හරි කැමැතියි. 5. Bag එකේ තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක් ද ? Deodorant එකයි Perfume එකයි. 6. කා එක්ක හරි Bag එකක් හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ Bag එකද ගන්න කැමැති ? මගේ හොඳම යාළුවා එක්ක. මම දැක්කා එයා අලුතින් ලස්සන බෑග් එකක් අරං තියෙනවා. 7. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ Bag එකක් ඇතුළෙ තියෙන දේවල් දැක ගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ Bag එකද බලන්නේ ? දීපිකා පදුකෝන්ගේ බෑග් එක. මොකද මම එයාට ගොඩක් කැමැති නිසා. 8. ඇඳුමේ පාටට Hand Bag පාවිච්චි කරනවා ද ? • නැහැ. හිතට හරියන එකක් නම් එපා වෙනකන්ම පාවිච්චි කරනවා. 9. ඕනම තැනකින් Hand Bag එකක් දැක්කොත් ගන්නවා ද? සලකන කරුණු මොනවා ද ? මම Hand Bag එකක් ගන්න ගියොත් කවදාවත් ගන්න හොඳ එකක් හම්බෙලා නැහැ. අහම්බෙන් දැකලා ගත්තොත් තමයි ගැනෙන්නේ. ලස්සන වෙන්නත් ඕනේ. කොටස්වලට වෙන් කරලා තියෙන්නත් ඕනේ. ඒවගේම Material එකත් හොඳ වෙන්න ඕනේ. Shine වෙන ඒවට මම කැමැති නැහැ. Mat Colour ඒවට තමයි කැමැති. 10. Hand Bag එකක් අමතක නොවෙන තෑග්ගක් විදියට ලැබිලා තියෙනවා නම් ඒ කාගෙන් ද ? ඔව් මගේ 18 වැනි උපන් දිනේට මගේ ඉස්කෝලේ කාලේ ඉඳලා හිටපු හොඳම යාළුවාගෙන් හම්බවුණා. 11. සඳනිගේ පවුලේ අයට අමතරව සඳනිගේ Hand Bag එක ටික වෙලාවකට හරි ළඟ තියල යන්න පුළුවන් ක්ෂේත්‍රයේ කෙනා කවුද ? ක්ෂේත්‍රයේ මට විශේෂ යහළුවන් නැහැ. ක්ෂේත්‍රයේ කෙනෙක් නම් ඉතිං Boy Friend ළඟ තමයි බෑග් එක තියලා යන්නේ. 12. Bag එකක් නිසා සිදුවුණු අමතක ම නොවන සිදුවීම මොකක් ද ? දවසක් අම්මා ගෙදර එනකොට අලුතින් Bags 4ක් ගෙනත් තිබ්බා. ඒවා ලස්සනයි. ඉතිං පළවෙනි Bag එක බලලා අක්කාට ඒක ඕනේ කිව්වා. දෙවෙනි එකත් එයාට ඕනේ කිව්වා. 3 වෙනි එකත් මම ගන්න හදද්දී ඒකටත් එයාට ආස හිතිලා එයා ගත්තා. හැබැයි 4 වෙනි එක තමයි ලස්සනම. ඒකනම් කාටවත් දෙන්න ලෝභ හිතුණා. මොකද කලින් Bag 3ට වැඩිය හිත ගියේ නැති වුණත් 4 වෙනි බෑග් එක හිතට ඇල්ලුවා. ඒ වෙලාවේ අක්කා කිව්වා , අර Bags 3 ම මම ඔයාට දෙන්නම් මේ Bag එක මට දෙන්න කියලා. මට ඒ වෙලාවේ නම් දුක හිතුණා. ඉතිං Bags 4 ම මම එයාට තියාගන්න කියලා දුන්නා. ඒක නම් එදා ගොඩක් හිතට දැනුණා. ✍? දිළිණි උදාරි   
 

More News..