රෝෂාන් අයියා දෙයියෙක් - ලහිරු | මට මගේ අතීතය මතක් වුණා - රොෂාන්
27 December 2018
රෝෂාන් අයියා දෙයියෙක් - ලහිරු | මට මගේ අතීතය මතක් වුණා - රොෂාන්
27 December 2018
හම්බන්තොට සූරියවැව මීගහජඳුරෙ ළහිරු සම්පත් යූටියුබ් රසිකයන් අතර ජනප්‍රිය වුණේ එක්ස්රේ කාඩ්වලින් හදාගත් ඩ්‍රම්සෙට් එකක කළ වාදනයක් නිසා. මේ වාදකයාට අලුත්ම එකොස්ටික් ඩ්‍රම්ස් සෙට් එකක් අරන් දුන්නෙ කවුරුත් දන්න ෆ්ලෑෂ්බෑක් නායක රොෂාන් ප්‍රනාන්දු. එ් ගැන වගේම ෆ්ලෑෂ් බැක් ගැන අප රොෂාන් එක්ක කතා කළා.
කොහොමද රොෂාන් ?
“හොඳින් ඉන්නවා. මේ උත්සව සමය නිසා කාර්ය බහුලයි. දිනපතා ප්‍රසංග වේදිකාවෙ තමයි ජීවිතේ.
සූරිය වැවේ ළහිරුට ඩ්‍රම්සෙට් එකක් අරං දෙන්න හිතුවෙ ඇයි…?
“හිතුවා විතරක් නෙවෙයි අරගෙනත් දුන්නා. ළහිරු එයාම හදාගත්ත ඩ්‍රම්සෙට් එකක ප්ලේ කරන වීඩියො එක මුහුණුපොතේ යාළුවො වගේම හිතවතුන් බොහෝදෙනෙක් මට එවා තිබුණා. ඒක බැලුවම මට මගෙ අතීතය මතක් වුණා. ඒවගෙම මට මේ විඩීයෝ එක යාළුවො එවන්නෙ මම මොනම හෝ මැදිහත් වීමක් කරයි කියන සිතුවිල්ලෙන් වෙන්න ඕනනෙ. ඉතින් මට හැකි සුදුසු උපකාරය කළා.
අතීතය මතක් වුණා කිව්වෙ දුක් ගැහැට පිරි අතීතයක් රෝෂාන්ටත් තිබුණද..?
“ඔව් අප ඒ කාලෙ කුඩා දුප්පත් පවුලක්. තාත්තා කටුනේරියෙ කල්පනි රෙකෝඩ්බාර් නමින් රෙකෝඩ් බාරෙකක් කළේ. ඒකෙ කැසට් විකිණීම කැසට් පටිගත කරදීම වගේ සුළු යමකින් තමයි තාත්ත අපව ජීවත්කළේ. මටත් පුදුම ආශාවක් තිබ්බ ඩ්‍රම්ස් ප්ලේ කරන්න. ඒත් ඒකට ඩ්‍රම්ස්සෙට් එකක් නෑ. මම තේකොළ පෙට්ටියක්, අයින් කළ එක්ස්රේ කාඩ් බයිසිකල් කොක්රීල් එකක් හොයාගෙන හදාගත්තා ඩ්‍රම්සෙට් එකක්. මට අවුරුදු 14දි වගේ. මගෙ ඒකාලෙ මතක් වුණේ ඒකයි ළහිරු දැක්කම.
රොෂාන්ට ඇත්ත ඩ්‍රම්සෙට් එකක් ලැබෙන්නෙ කොයි කාලෙද..?
“මම අවුරුදු 19 විතර වෙනකම්ම විනෝදයට මම හදාගත් ඩ්‍රම්ස් සෙට් එකෙන් තමයි පුරුදු වුණේ. දවසක් මම හැන්දෑවෙ ඇඳට වෙලා ඉද්දි තාත්තා ඇවිත් පිටට තට්ටුකරලා ඩ්‍රම්ස්ටික් දෙකක් දුන්නා. ස්ටික් දෙකක් නිකම් දෙන්නෙ නෑනෙ අනිවාර්යයෙන් ඩ්‍රම්ස් එකක් ඇති කියලා මම දුවගෙන ගියා සාලෙට. මේන් තියෙනවා අලුත්ම ඩ්‍රම්ස් එකක්.
එදා මොනවද හිතුණෙ?
මොනා හිතෙන්නද සතුටට කඳුළු වැටුණා. හවසම ඒක හයි කරගෙන එළිවෙනකම්ම ගැහුවා.
තාත්තා පුතාට තියෙන ආදරේට සල්ලි එකතුකරලා අරං දුන්නා එහෙමද..?
“නෑ. එහෙම එකතු කරන්න ආදායමක් ඒකාලෙ අපට නෑ. පහුවෙනිදා උදේ කෑම කනකොට තමයි අම්මා මට කිව්වෙ උඩපැනගෙන ඕක ගැහුවට තාත්තා ඕක ගෙනත් දුන්නේ සීයට දහයට පොලියට සල්ලි අරං කියලා.’’ තාත්තා එදා ඉඳලම මං දිහා සුබවාදීව බලා හිටියා.
රොෂාන් සූරියවැවට ගියාද ළහිරු හමුවෙන්න..?
“නෑ මම ළහිරුගෙ දුරකථන අංකය සොයාගෙන කතා කළා මෙහෙට එන්න තරම් මුදලක් ඒ මොහොතේ ඔහු ළඟ තිබුණෙ නෑ. ඒනිසා මගෙ මිත්‍ර නලින්දට කතා කරලා කිව්වම ළහිරුව ඔහුගෙ වාහනෙ ගිහින් අරගෙන ඇවිත් ඩ්‍රම්ස්සෙට් එකත් දීලා ආයෙ ගෙදරටම ඇරලුවා.
“කල්පනි රෙකෝඩ්බාර් එක ෆ්ලෑෂ්බෑක් දක්වා එන්නෙ කොහොමද..?
“ඒකනම් තාත්තගෙ ධෛර්ය තමා. රොෂාන් ප්‍රනාන්දු බිහිවෙන්නෙත් ගායකයෙක් නායකයෙක් වාදකයෙක් වෙන්නෙත් තාත්තා නිසාමයි.1991 අපි ෆ්ලෑෂ් බෑක් පටන් අරං අද මේ ඉන්න තැන දක්වා එන්න තාත්තා ගෙ මග පෙන්වීම හේතු වුණා.
1991 රොෂාන් එක්ක අද ෆ්ලෑෂ්බෑක් ඉන්න අයගෙන් කවුද හිටියේ..
“කිංස්ලි පීරිස් හිටියා කිංස්ලියි මායි ආරම්භක සාමාජිකයෝ, විවිධ අය ආවා. විවිධ අය ගියා ඒ ඒ මොහොතේ හොඳම අය එක්ක ෆ්ලෑෂ්බෑක් ඉස්සරහට යනවා.
රෝෂාන් කලක් රූපවාහිනි නිවේදකයෙක් ලෙස දැක්කා. දැන් පේන්න නෑ නේද..?
“මම වෘත්තීය සංගීත ශිල්පියෙක්, මම ආසාවට කළ දේවල් තියෙනවා. ඇරයුම් ලැබුණම මුලින්ම රඟ පෑවා. නිවේදන කටයුතු කළා. ඒවා විනෝදාංශයක් ලෙස කළේ, ෆ්ලෑෂ්බෑක් නායකයා කියන්නෙ මගෙ රස්සාව. ඒකට තමයි මුල් තැන.
අද රොෂාන්ගෙන් ඩ්‍රම්ස්සෙට් එකක් තැගි ලැබූ සූරියවැවේ ළහිරු අනාගතයෙ ෆ්ලෑෂ්බෑක් ඩ්‍රම්ස් වාදකයා ලෙස දකින්න ලැබේවිද ?
ඒක කියන්න බෑ. ෆ්ලෑෂ් බෑක් එකට වාදකයන් ගන්නෙ පුරප්පාඩු තිබ්බොත් විතරයි. ඊටත් අප එක්ක වැඩ කරද්දි විනය හා නිතී රීතී මාලාවක් තියෙනවා. ලහිරු වුණත් හොඳට පුහුණුවෙලා එතැනට ගැළපෙන්න ආවොත් ඒක වෙන්න පුළුවන්. ළහිරුට මේ උදව්ව කළේ ඔහු ළඟ යමක් තියෙන බව දැක්ක නිසා. ඔහු ඒක හරියට මතු කර ගත්තොත් ඔහුට හොඳ අනාගතයක් තියෙවී.
අප රොෂාන්ගෙන් මේ ත්‍යාගය ලද හම්බන්තොට සූරියවැව මීගහජඳුරෙ ළහිරුද සම්බන්ධකර ගතිමු.
ලහිරු මොකද හිතෙන්නෙ රොෂාන් ප්‍රනාන්දුගෙ උදව්ව ගැන.
“රෝෂාන් අයියා දෙයියෙක් වගෙ මට උදව් කළේ. ගෙදරට ගෙන්වාගෙන හොඳට සංග්‍රහකරලා කන්න බොන්න දීලා මට සපත්තු, අලුත් ඇඳුම් එහෙමත් දීලා අලුත්ම ඩ්‍රම්ස් සෙට් එකක් දුන්නා. රොෂාන් අයියගෙ නිවසෙදිම පැකින් කඩලා සවි කරලා ගහද්දි වැරදි අඩු පාඩු ගොඩක් කියා දුන්නා. ඉගෙන ගන්න ගුරුවරයෙකුත් සම්බන්ධ කර දුන්නා. ඒ සතුට කියා නිම කරන්න බෑ..”
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/48413240_228442568084997_6952795107187752960_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/49049912_228441751418412_1958497871430942720_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/48416613_228442358085018_5704463107418488832_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/49002007_229386484657272_4314786358162882560_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/48405063_228446134751307_1620489197980745728_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/48393599_228442061418381_2950304501245935616_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/48413240_228442568084997_6952795107187752960_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/48397587_228442094751711_7516554326936911872_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/48404450_228442144751706_9053696239975006208_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/48408876_228442534751667_941520993799634944_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/48409345_228441568085097_3823685722930413568_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/48416902_228442924751628_545635192199446528_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/48420424_228442434751677_4378266309805211648_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/48420738_228441991418388_826237642008952832_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/48421775_228442391418348_3627245717086535680_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/48421901_229382624657658_4795496608512868352_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/48427958_228441471418440_3923645885539418112_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/48429780_228442998084954_4019843197235625984_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/48971472_228442851418302_4872930539532713984_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/49043062_228442298085024_7854565753461145600_n.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2018/12/49049912_228441751418412_1958497871430942720_n.jpg)