brand logo
සිවු හැවිරිදි දරුවාට  සීනි කරිඤ්ඤං පොවලා

සිවු හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා

18 April 2024 | කැලුම් ගුණතිලක - මොනරාගල

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං (සූක්කු) පෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මියනකඳුර බූටාවත්ත පේළි නිවාසයක පදිංචි එම දරුවාට පෙරේදා (16 වැනිදා) සීනි කරිඤ්ඤං පෙවීම නිසා දරුවා හිඟුරුකඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකොට යවා තිබේ.

දරුවාගේ දෙමව්පියන් ඇතුළු පේළි නිවාසයේ පදිංචි පවුල් කිහිපයක් නීතිවිරෝධී මත්දියර පානයට ඇබ්බැහි වී සිටින අය වන අතර අසල්වැසි පේළි නිවාසයක කාන්තාවක් විසින් දරුවාට සීනි කරිඤ්ඤං පොවන ලද බවට දරුවාගේ මව විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව සිද්ධිය සමබන්ධයෙන් අසල්වැසි පේළි නිවාසයක පදිංචි 52 හැවිරිදි කාන්තාවක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ඊයේ (17 වැනිදා) පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.

 

More News..