roadBlockMobile
brand logo
logo

ආයතන 115ක් හොරෙන් කරපු වැඩේ

24 August 2021

නවතම විගණන වාර්තාවෙන් හෙළි වූ දෙය

සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් අවසර පත්‍ර ලබානොගෙන ආයතන 115ක් අපජලය මුහුදට බැහැර කන බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

2019 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදින වනවිට ආයතන 315 මගින් මුහුදට අප ජලය බැහැරකරන බවට සමුද්‍රිය පරිසර අධිකාරිය මගින් හඳුනාගෙන තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. ඉන් ආයතන 115ක් අවසර පත්‍ර ලබා නොගෙන අපජලය මුහුදට බැහැරකරයි.

Drying up antimicrobial resistance with innovative wastewater treatment |  TERI තිරසර ලෙස සාගර සම්පත් කළමනාකරණය කිරීම මගින් ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ අත්කරදීම සමුද්‍රිය කලාප කළමනාකරණයේ ප්‍රධාන අරමුණකි. එහෙත් අපජලය මුහුදට මුදාහැරිම සම්බන්ධයෙන් හඳුනාගෙන තිබූ මුළු ආයතන සංඛ්‍යාවෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් නෛතික විධි විධාන අනුගමනය නොකිරීම තුළ සමුද්‍ර දූෂණ වැළැක්වීම මගින් අපේක්ෂිත තිරසරභාවය අත්පත් වී නැති බවද විගණන කාර්යාලය පවසයි. පනතේ විධිවිධාන අනුගමනය නොකරන පාර්ශ්වයන්ට එරෙහිව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් කටයුතු කර නොමැති බවද විගණන කාර්යාලය පවසයි. මේ නිසා මුහුදු ජලයේ ගුණාත්මක භාවය, නියමිත ප්‍රමිතින්ට අනුකුල නොවීමත් හේතුවෙන් පාරිසරික හා සෞඛ්‍යමය අවදානමක් ඇතිවීමක් සිදු වී ඇති බව නිරීක්ෂණය වූ බවද විගණන කාර්යාලය පෙන්වා දෙයි. ජාතික විගණන කාර්යාලයේ පාරිසරික විගණන අංශය මගින් ශ්‍රී ලංකාවේ අපජල කළමනාකරණයේ කාර්යක්ෂමතාවය ඇගයීම සඳහා මෙකී විගණන වාර්තාව නිකුත්කොට තිබුණි. යූ.එම්. තිලකරත්න - ලබුදුව රවින්ද්‍ර චන්ද්‍රලාල් - හිනිදුම
 

More News..