ඇමති වාසුගේ උපන්දින සාදය පවත්වා තියෙන හැටි
12 January 2021
ඇමති වාසුගේ උපන්දින සාදය පවත්වා තියෙන හැටි
12 January 2021
කොවිඩ් - 19 ආසාදිත බවට තහවුරු වී ඇති ජල සම්පාදන සහ ජලාපවහන රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර පසුගිය ජනවාරි 5 වැනිදා සිය අමාත්‍යංශ පරිශ්‍රයේදී තවත් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිය උපන් දිනය වෙනුවෙන් සාදයක් පවත්වා ඇත.
රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු නිලධාරීන් සහ අමාත්‍යංශයේ සේවක පිරිසෙන් බහුතරයක් සහභාගි වී ඇත.
ඇමැතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ පළකර ඇති ඡායාරූපවලට අනුව තමා වෙනුවෙන් නිර්මාණය කළ කේක් ගෙඩිය කපා රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සහ එහි සිටි පිරිසට ඇමැතිවරයා විසින් කේක් කවන ආකාරයද දැක්වේ.
භෞතික දුරස්ථභාවය පවත්වා නොගනිමින් පවත්වා ඇති මෙම උපන් දින සාදයේදී තමාට සුබ පැතීම වෙනුවෙන් ඇමැතිවරයා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අමාත්‍යංශයේ සේවක පිරිසට ස්තුතියද පළකර ඇත.
නයන තරංග ගමගේ
ෆේස්බුක් ගිණුමේ පළකර ඇති ඡායාරූප.........




























