roadBlockMobile
brand logo
logo

උතුරේ පාසල්‍ වෙත දරුවන්ගේ පැමිණීම 70% ක්

10 May 2019

ආරක්ෂක හේතූන් මත ප්‍රමාද වි ආරම්භ කෙරුණු උතුරු පළාතේ පාසල් වෙත මේ වන විට දරුවන්  70% ක් පමණ පිරිසක් දිනපතා පැමිණෙමින් සිටින බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එස්.සත්‍යසීලන් මහතා පවසයි. සත්‍යසීලන් මහතා පැවසුවේ දෙවැනි වාරයේ පාසල් ආරම්භවීමත් සමඟ පාසල් වෙත දරුවන්ගේ පැමිණීමේ අඩුවක් තිබු අතර, අද(10) දිනයේ පාසල් ද්විතීය පන්ති වෙත දරුවන්  70% ක් පමණ පිරිසක් පැමිණ සිටින බවයි. පාසල් අවට ප්‍රදේශ වෙත ආරක්ෂක අංශ දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති අතර,උතුරු පළාතේ පාසල් වෙත පාසල් දෙමාපියන්ද ආරක්ෂාව සපයමින් සිටින බවද ලේකම්වරයා පැවසූහ. වවුනියාව,මන්නාරම,මුලතිව්,කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කවල පාසල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මල වන බවද හෙතෙම පැවසුවේය. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..