කළුතර නාගොඩ බෝ ගස කඩා වැටේ
18 March 2022
කළුතර නාගොඩ බෝ ගස කඩා වැටේ
18 March 2022
ත්‍රිරෝද රථ තුනකට සහ බස් රථයකට දැඩි හානි
කළුතර නාගොඩ මංසන්ධියේ පිහිටි බෝධි රැක්ෂයේ අත්තක් අද (18) පස්වරු 3.30ට පමණ කඩා වැටී තිබේ. අප වාර්තාකරු පැවසුවේ බෝ අත්ත කඩා වැටීමෙන් ඒ අසළ නතර කර තිබූ ත්‍රිරෝද රථ තුනකට බරපතල අලාභහානි සිදුව තිබූ බවයි. බෝ අත්ත කඩාවැටීමෙන් බස් රථයකට ද හානි සිදුව තිබුණි. දකුණු කළුතර පොලීසිය හා යුධ හමුදාව මැදිහත් වී ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව එම බෝධි ශාඛාව කපා ඉවත් කිරීමට කටයුතු කර තිබුණි. ඡායාරූප - ලක්ෂිත විද්‍යාසේකර - කළුතර





