brand logo
logo

කාබනික පොහොර තොග ප්‍රමිතිගත කිරීමක්

20 July 2021

ඉදිරි මහ කන්නය සඳහා භාවිත කිරීමට ගොවීන් දැනටමත් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 45,000ක් නිෂ්පාදනය කර ඇති බවත්, එම පොහොර තොග ප්‍රමිතිගත කිරීමේ මූලික කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ කීවේය. ගොවීන් නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවල ප්‍රමිතිය සම්බන්ධ ගැටලු පවතින බැවින්,එම පොහොර තොග රජයේ පොහොර සමාගම් දෙකේ ගබඩාවලට රැගෙනවිත් ප්‍රමිතිගත කරන බවත්,අත්හදා බැලීමක් ලෙස ප්‍රමිතිගත කිරීමේ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බවත් ඇමැතිවරයා පැවැසීය. මෙහිදී, ස්වභාවික මුහුදු පැළෑටිවලින් නිෂ්පාදනය කරන ලද නයිට්‍රජන් සහිත පවුඩර් වර්ගයක් කාබනික ඝන පොහොරවලට මිශ්‍ර කෙරෙන බවද ඇමැතිවරයා කීවේය. යල කන්නයේ එළවළු වගාව සඳහා පොහොර යම් ප්‍රමාණයක අඩුවක් පවතින බවත්, දැනටමත් නුවරඑළියේ එළවළු වගාව සඳහා කාබනික පොහොර භාවිත කරන බවත් ඇමැතිවරයා පැවැසීය. ඉදිරියේදී තේ වගාව සඳහාත් කාබනික පොහොර යොදා ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. සාලිය කුමාර ගුණසේකර
 

More News..