ගෙදර යන එක හීනයක් වෙලා
29 June 2021
ගෙදර යන එක හීනයක් වෙලා
29 June 2021
අද පිනිපලස කවරය හැඩ කරන්නේ දෙවංගි නවෝද්‍යා වික‍්‍රමසිංහ. ඇය ප‍්‍රවීණ නර්තනාචාර්ය සහ නර්තන ශිල්පී චන්දන වික‍්‍රමසිංහ සහ දිල්හානි වික‍්‍රමසිංහ යුවළගේ කුලුඳුල් දියණියයි. ඔස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය ලබන්නට ගිය දෙවංගි මේ වෙද්දී උපාධිධාරිනියක්. පසුගියදා සිය 21 වැනි උපන් දිනයත් ඔස්ට්‍රේලියාවෙදීම දෙවංගි සමරලා තිබ්බා. මේ සියල්ල නිසාම පිනිපලස සොඳුරු කතාබහකට දෙවංගි වික්‍රමසිංහව අපි සම්බන්ධ කරගත්තා.
මේ දවස්වල ජීවිතේ ගත වෙන්නේ කොහොමද?
මම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මගේ බාප්පලාගේ ගෙදර. පසුගියදා තමා සිඩ්නිවල ඉඳන් ආයේ මෙල්බන් නුවරට ආවේ. මොකද මගේ උපාධි උත්සවය තිබ්බේ සිඩ්නිවල. කොවිඩ් නිසා 2019න් පස්සේ උපාධි උත්සවයක් තිබ්බේ මේ මාසේ.දැන් ලංකාවෙන් පිටවෙලා කොච්චර කාලයක් වෙනවද?
අවුරුදු හතරක්.මේ කාලය තුළ කී සැරයක් ලංකාවට ආව ගියාද?
මට නිවාඩු ලැබෙන හැම වෙලාවේම මම ලංකාවට ආවා. පෙබරවාරි, ජුනි,අගෝස්තු, නොවැම්බර් අතර කාලයේ තමා මගේ අධ්‍යාපන කටයුතු තියෙන්නේ. ඒ නිසා නිවාඩු දුන්නම පහුවදාම මම ලංකාවට එනවා. ඒ ඇවිත් ආයේ යන්නේ කැම්පස් පටන් ගන්න දවසට කලින් දවසේ. හැබැයි මේ කොවිඩ් තත්ත්වය එක්ක ඒ සියල්ල වෙනස් වුණා. දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා ලංකාවට එන්න බැරිව.මේ කොවිඩ් තත්ත්වය එක්ක ඒ සියල්ල වෙනස් වුණා
ඔබ ආදරණීය දෙමාපියන්ගෙන් ඈත්වෙලා ඉන්නේ කොහොමද?
ඇත්තටම ඒ කාලය මට ගොඩක් අමාරු වුණා. මම ලංකාවේ ඉන්නකොට ගොඩක් සමාජශීලීව හිටිය කෙනෙක්. අපේ ගෙදර වුණත් අනිවාර්යෙන්ම ගොඩක් අය ඉන්නවා. නර්තන කණ්ඩායමේ ඉන්න අයියලා අක්කලා ඉන්නවා. පවුල කියන දේ අපේ ගෙදර තුළ හොඳටම තියෙනවා. ඒවා මතක් වෙද්දී මට දුකක් දැනුණා.මම ලංකාවේ ඉන්නකොට ගොඩක් සමාජශීලීව හිටිය කෙනෙක්
ඔබේ උපාධිය ගැනත් කියන්න...
මගේ මේ උපාධිය පිටුපස ඉන්නේ මගේ අම්මා. තාත්තා ගොඩක් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. ඒ වුණත් අපි ගැන හොයලා බලන්න අමතක කරලා නැහැ කිසිම දවසක. ඔස්ට්‍රේලියාවට එන්න ඕනේ කියලා අදහසක් තිබ්බේම නැහැ. හැබැයි මට තොරතුරු තාක්ෂණය පැත්තෙන් ඉගෙන ගන්න ආසයි. මට විශ්වවිද්‍යාලයක් හොයලා ඒකට අයැදුම් කරලා හැමදේම කළේ අම්මා. ඒ නිසා මගේ ජයග්‍රහණයකට වඩා මගේ අම්මා තාත්තා වෙනුවෙන් මට දෙයක් කරන්න පුළුවන් වුණා කියන සතුට තමා මට තියෙන්නේ. අම්මා තාත්තා මගේ ඉගෙනීම් කටයුතු දැකලා ආඩම්බර වෙනවා කියන දේ මට දැනෙනවා.ඒ අම්මාගෙ හීනයනේ... තාත්තාගෙ හීනය වෙලා තියෙන්නේ මොකක්ද?
තාත්තට හීන ගොඩක් තියෙනවා. කලාවට පිවිසෙනවා දකින එකත් තාත්තගේ එක හිනයක්. බලමු ඉස්සරහට තාත්තගේ හීනෙත් හැබෑ කරමින් තුන්වෙනි ඇස එක්ක එන්න.කලාවට පිවිසෙනවා දකින එකත් තාත්තගේ එක හිනයක්
නර්තනය පැත්තෙන් තාත්තා වගේ දුර ගමනක් යන්න ආසාවක් නැද්ද?
නර්තනය විෂයක් හැටියට හදාරනවා කියන්නේ ගැඹුරින් හැදෑරිය යුතු විෂයක්. නටන්න නම් ඕනේ කෙනෙක්ට පුළුවන්. නමුත් නර්තනය කියන්නෙත් වෘත්තියක් නිසා ඒ ගැන හරියට ඉගෙන ගන්නේ නැතුව ඒ පැත්තට යොමුවෙන්න කැමැති නැහැ. එනිසා බලමු තාත්තා වගේ නර්තනය පැත්තෙන් ඉදිරියට යනවද නැත්නම් වෙන පැත්තකින් යනවද කියලා.දෙවංගිට රංගනයෙන් ආරාධනා නැද්ද?
තාත්තාට නම් මගේ ගැන අහලා ආරාධනා ලැබිලා තියෙනවා. ඒ මම උපාධිය හදාරන්න මෙහෙ ආව මුල් කාලේ. ඒ නිසා අම්මා තාත්තා හැමදාම කිව්වේ මුලින්ම ඉගෙන ගන්න. ඉගෙන ගත්ත දේවල් තමා කවදා හරි ඉතුරු වෙන්නේ කියලා. දැන් ඉතින් උපාධිය ඉවර නිසා බලමු ඉස්සරහට.ඉගෙන ගත්ත දේවල් තමා කවදා හරි ඉතුරු වෙන්නේ
පුංචි කාලේ හරි රංගනයට සම්බන්ධ වෙලාම නැද්ද?
මගේ තාත්තා කලා ලොවේ හිටියට මම පොඩි කාලේ නම් කිසිම දෙයකට සම්බන්ධ වුණේ නැහැ. තාත්තා එක්ක නර්තන ප්‍රසංගයකට කියලා මම මුලින්ම සහභාගි වුණේ මම සාමාන්‍ය පෙළත් කරාට පස්සේ. ඒ දෙරණ ලිට්ල් ස්ටාර් වෙනුවෙන් පැවැති නර්තන කණ්ඩායම එක්ක. ඊට පස්සේ නම් මම ඔස්ට්‍රේලියාවට එනකම්ම තාත්තගේ නර්තන ප්‍රසංගවලට සහභාගි වුණා.තව කොච්චර කාලයක් ඔස්ට්‍රේලියාවේ ඉන්නවද?
ඒකට උත්තරයක් දෙන්න හරි අමාරුයි. මේ තියෙන කොවිඩ් තත්ත්වය එක්ක. මට ගොඩක් වෙලාවට ගෙදර අය මතක් වෙනවා. අම්මා තාත්තා මල්ලිලා දෙන්න. ආච්චිව එහෙම. වෙලාවකට හිතෙනවා දැන් මල්ලිලා දෙන්න උස ගිහිල්ලත් ඇති කියලා.ඒකට උත්තරයක් දෙන්න හරි අමාරුයි
අම්මා, තාත්තා දෙන්නගෙන් කවුද වැඩියෙන්ම සැර?
ඒක හොඳ ප්‍රශ්නයක්. ඉස්කෝලේ යන කාලේ මම බය අම්මට. අම්ම ටිකක් වසයි. මාව ඉස්කෝලෙට දාන්නේ ආයේ හවසට ගන්න එන්නේ සහ පන්තිවලට එක්කන් යන්නේ ඒ ඔක්කොම කළේ අම්මා. ඒ නිසා ඒ දවස්වල මම තාත්තට එච්චර බය නැහැ. මොකද මම දන්නවා තාත්තව ෂේප් කර ගන්න පුළුවන් කියලා. හැබැයි දැන් අම්මා තමා මගේ හොඳම මිතුරිය. ඇත්තටම දැන් තාත්තට බයයි. මම යාළුවො එක්ක එළියට ගියත් අම්මට කියලා යනවා. තාත්තට කිව්වත් වැඩි විස්තර කියන්නේ නැහැ. මම එළියේ ඉන්න වෙලාවක තාත්තා ගත්තොත් මම කවදාවත් තාත්තට ආන්සර් කරන්නේ නැහැ. තාත්තට දැන් මාර බයයි.ඒ කියන්නේ තාත්තාගෙන් එන්නේ සැර ඇමතුම්ද?
සැර කියන්නේ මෙහෙමයි. මටත් ඕනේ මගේ දේවල්වලට තාත්තගේ අවසරය අනුමැතිය සහ ආශිර්වාදය. ඇඳුමක් ගන්න ගියත් අම්මා ලස්සනයි කිව්වත් මට තාත්තගෙන් ඒක මට ලස්සනයි කියන එක අහන්න ඕනේ. දුවෙක් ගැන තාත්තලා හිතනවා වැඩිනේ කොහොමත්. ඒ නිසා සැර ඇමතුම් එනවා නැතුව නෙවෙයි. මේ මෑතකත් මම යාළුවො එක්ක පොඩ්ඩක් එළියට ගියාම ඇමතුම් දහයක් විතර ආවා. හැබැයි මම ඒ එකක්වත් ආන්සර් කරේ නැහැ. අම්මා ගත්ත නම් පළවෙනි ඇමතුමම ගන්නවා.ගෙදරට බොරුවක් කියලා නැද්ද?
නැහැ. බොරුවක් කියද්දී මාව රතුවෙනවා. හිනායනවා. ඒ නිසා මාව අහුවෙනවා. යාළුවො අතර වුණත් මොකක් හරි වුණොත් ගොඩක් අය කියන්නේ අපි දෙවංගිගෙන් අහමු ඕක. එතකොට ඇත්ත දැන ගන්න පුළුවන් කියලා. ඒතරමට මට බොරුවක් කියන්න බැරි දුර්වලතාවක් තියෙනවා. අනික් අතට බොරුවක් කියන්න උවමනාවක් වෙලත් නැහැ.ඔබ වැනි ලස්සන යුවතියකට ආදර යෝජනා නැද්ද?
එහෙම ආදර යෝජනා එනවා, නැතුවා නෙවෙයි. ඒකටත් මට ඉතින් තාත්තාගේ අනුමැතිය ඕනේ. හැබැයි මම මුලින්ම එහෙම දෙයක් ගැන කියන්නේ නම් අම්මට. හැබැයි මම කැමති නැහැ දැන්ම ආදර සම්බන්ධතා පටන් ගන්න. මට දැන් 21යි. මම හිතන්නේ මේ කාලය සැහැල්ලුවෙන් නිදහසේ ස්වාධීනව ඉන්න ඕනේ කියලා. එහෙම ඉන්න කැමැති කෙනෙක් මම.ඒකටත් මට ඉතින් තාත්තාගේ අනුමැතිය ඕනේ
සාමාන්‍යයෙන් කැමැති කොහොම කෙනෙක්ටද?
ඒක නම් අමාරු ප්‍රශ්නයක්. මම පෙනුමට වඩා පෞරුෂත්වය ගැන තමා හිතන්න කැමති. හැබැයි දැන්ම ඒ ගැන හිතන්නේ නැහැ. මම අම්මට කියලා තියෙන්නේ ඒ ගැන හිතන්නේ 28න් වගේ කියලා. ඒ වෙලාවට නම් අම්මා කියනවා එහෙම හරියන්නේ නැහැ මමත් 27 වෙද්දී බැන්දා කියලා.තාත්තා ලංකාවෙම ඉන්න දක්ෂතම නර්තන ශිල්පියෙක්... එයාගෙ දුව වීම ගැන මොකද හිතෙන්නෙ...
මම තාත්තාව දකින්නේ දෙවිදියකට. ඒ එක පැත්තකින් හොඳ නර්තන ගුරුවරයෙක්. මම නර්තනය හදාරන්න ගිය කාලේ මම තාත්තට පන්තියේදී කතා කළෙත් සර් කියලා. අනිත් අතට කොච්චර කාර්යබහුල වුණත් අපි වෙනුවෙන් කාලය වෙන් කළා. ඉස්සර මම ගෙදර කෑම කන්න බෑ කියලා කිව්වම නර්තන කටයුතු කරලා කීයට ගෙදර ආවත් අපිව එක්කගෙන යනවා. ඒ තමා මගේ තාත්තා. ඒ නිසා මම නර්තනවේදියෙක් විදියට වඩා තාත්තා තාත්තා විදියට දකින්න තමා මම කැමැතිම.අනාගත බලාපොරොත්තු මොනවාද?
මේ වෙද්දී තියෙන ලොකුම බලාපොරොත්තුව ලංකාවට එන එක. දැන් ඔය පොස්ට්වල පවා තියෙන්නේ ගෙදර යන එකත් දැන් හීනයක් වෙලා කියලා. මමත් ඒ හීනය සැබෑ වෙනකම් තමා ඉන්නේ.මමත් ඒ හීනය සැබෑ වෙනකම් තමා ඉන්නේ.