චමරිට සම්මාන 4යි - මාලිංග සහ තිසර ද්විත්ව සම්මාන දිනාගනී
04 December 2019
චමරිට සම්මාන 4යි - මාලිංග සහ තිසර ද්විත්ව සම්මාන දිනාගනී
04 December 2019
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ ක්‍රීඩිකාවන්ගේ දස්කම් ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී කාන්තා අංශය යටතේ සම්මාන 4 ක් දිනා ගැනීමට චමරි අතපත්තු සමත් වද්දී පිරිමි අංශය යටතේ ලසිත් මාලිංග සහ තිසර පෙරේරා ද්විත්ව සම්මාන වලින් පිදුම් ලැබූහ.
කොළඹ වෝටර්ස් එජ් හි ඊයේ (03 දා) පැවැති මෙම සම්මාන රාත්‍රියේදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් හිමිකම් කියන ලද ක්‍රීඩිකාව බවට පත්වූ විස්සයි-20 තරග අංශයේ නායිකා චමරි අතපත්තු, දිනා ගන්නා ලද සම්මාන 4 අතර වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබීම විශේෂත්වයක් විය. එම සම්මානයට අමතරව ඇය වසරේ දක්ෂතම එක්දින පිතිකාරිණිය, වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව සහ වසරේ දක්ෂතම විස්සයි-20 පිතිකාරිණියන යන සම්මාන වලින්ද පිදුම් ලැබුවාය.
සම්මාන 4 කින් පිදුම් ලැබුවද එම වටිනා අවස්ථාවට සහභාගිවීමේ අවස්ථාව චමර අතපත්තුට අහිමි වූවාය. ඇය ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා විදෙස් ගතව සිටීම එම තත්ත්වයට හේතු විය.
2018 වසරේ ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂතා ඇගැයීම අරමුණු කරගනිමින් පැවැති මෙම සම්මාන උළෙලේ ජාත්‍යන්තර අංශය යටතේ සම්මාන 17 ක් පිරිනැමුණු අතර එහිදී එක්දින සහ විස්සයි-20 තරග අංශයන්හි දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මාන ලසිත් මාලිංග විසිනුත්, එක්දින තරග අංශයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සහ දක්ෂතම විස්සයි-20 පිතිකරු යන සම්මානවලින් තිසර පෙරේරාත් පිදුම් ලැබීය.
ජාත්‍යන්තර කාන්තා අංශය යටතේ ප්‍රදානය කරන ලද සම්මාන 7 න් 4 ක් චමරි අතපත්තු දිනා ගනිද්දී, එක්දින තරග අංශයේ දක්ෂතම පන්දු යවන්නියට හිමි සම්මානය ඕෂධී රණසිංහ විසින්ද, විස්සයි-20 තරග අංශයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව සහ හොඳම පන්දු යවන්නියට හිමි සම්මාන ද්විතවයට එක්දින තරග අංශයේ නායිකා ශෂිකලා සිරිවර්ධන හිමිකම් කීවාය.
සමස්ථ සම්මාන 47 ක් පිරිනැමුණු මෙම සම්මාන ප්‍රදානයේදී වසරේ ටෙස්ට් පිතිකරු ලෙසින් ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නද, ටෙස්ට් අංශයේ දක්ෂතම පන්දු යවන්නා සහ තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මාන පිළිවෙළින් දිල්රුවන් පෙරේරා සහ ධනංජය ද සිල්වා විසින් දිනා ගත්හ. එම සම්මානවලට අමතරව එක්දින තරග අංශයේ දක්ෂතම පිතිකරුවා ලෙසින් කුසල් ජනිත් පෙරේරාද විස්සයි-20 තරග අංශයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානයෙන් ඉසුරු උදානද සම්මාන දිනා ගත්හ.
නැගී එන ක්‍රීඩක සම්මානයෙන් පැතුම් නිස්සංක පිදුම් ලැබූ නමුත් එම සම්මානය ලබා ගැනීම සඳහා ඔහුට වේදිකාවට පැමිණීමට අවකාශ නොවීය. දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට පැවැත්වෙන ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කිරීම සඳහා පැතුම් නිස්සංක නේපාලය බලා ගොස් සිටීම එයට හේතුවිය.
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/Sri-Lanka-Cricket-Awards-2019-International-Awards.png)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/78250480_3519248941439621_7058288875596152832_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/77296274_3518982631466252_6360974392192663552_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/78068150_3518974354800413_7151592199673610240_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/78152315_3518973371467178_8727317766731726848_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/78169173_3518982348132947_1981862669614841856_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/78320987_3518974674800381_6973917326852751360_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/78392747_3518974948133687_2373032055958142976_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/78425194_3518982291466286_340595429173362688_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/78430091_3518982564799592_7878966094029914112_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/78496426_3518974641467051_867193337747079168_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/78695895_3518974691467046_5212254284724305920_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/78754958_3518982928132889_644908993264746496_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/78839585_3518973618133820_7364154202781646848_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/78863202_3518973391467176_5191260759459364864_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/78938824_3518973444800504_5786537553033166848_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/79169404_3518982838132898_2726309836361826304_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/79239260_3518974391467076_4322733563783938048_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/79297648_3518982324799616_9116278053826199552_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/79761319_3518982644799584_1539045708831653888_o.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/12/Sri-Lanka-Cricket-Awards-2019-International-Awards.png)