ජනපති සහභාගීත්වයෙන් කතරගම පුදබිමේ පරිත්‍රාණ ධර්ම දේශනයක්
26 April 2020
ජනපති සහභාගීත්වයෙන් කතරගම පුදබිමේ පරිත්‍රාණ ධර්ම දේශනයක්
26 April 2020
ජනතාවට සහ රටට සෙත් පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් සර්ව
රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඓතිහාසික කතරගම පුදබිමේ දී ඊයේ (25) රාත්‍රී පැවැත්විණි.
කතරගම පුදබිමට පැමිණි ජනාධිපතිතුමා කිරි වෙහෙර රාජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ
ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
කොරෝනා වෛරසය මර්දනයට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට සිය ප්‍රසාදය පළ කළ
උන්වහන්සේ කොවිඩ්- 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කළහ.
ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් උන්වහන්සේ විසින් සිහිවටනයක් ද ජනාධිපතිතුමා වෙත
පිළිගැන්විණ.
කිරිවෙහෙර සෑ රදුන් අබියස විශේෂ ආගමික වතාවත්හි නිරතව ආශිර්වාද ලබාගත් ජනාධිපතිතුමා කතරගම
දේවාල භූමියේ අෂ්ඨඵල බෝධීන්වහන්සේ ද වැඳ පුදා ගත්තේය.
කතරගම ශ්‍රී අභිනවාරාමයට ගිය රාජපක්ෂ මැතිතුමා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන
අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ජනාධිපතිතුමා කතරගම මහා දේවාලය ඇතුළු සෙසු දේවාල වෙත ද ගොස් ආගමික වතාවත්හි නිරත විය.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය
කිරීමට ද ජනාධිපතිතුමා එක් විය.
අයෝමා රාජපක්ෂ මැතිණිය, රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ශෂින්ද්‍ර
රාජපක්ෂ, වත්මන් වැඩබලන බස්නායක නිලමේ දිල්ෂාන් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවන්ට
එක්ව සිටියහ.