ජනාධිපති අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කරයි
17 February 2021
ජනාධිපති අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කරයි
17 February 2021
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යාංශ විෂය පථයන් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ අනුව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ මෙන්ම ඉඩම් අමාත්‍යාංශයේ විෂය පථයන් සංශෝධනය කරමින් ගැසට් පත්‍රය නිකුත්කර ඇත.
එම ගැසට් පත්‍රයට අනුව ඊයේ (16) සිට එම විෂය පථයන් වෙනස් වීම සිදුකර ඇති බව සඳහන්ය.
මේ අනුව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ, අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව 18කි. ඊට ආගමන විගමන දෙපාර්තමේන්තුව, රෙජ්ස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා අන්තරායකාරී ඖෂධ පාලක ජාතික මණ්ඩලය අයත් වේ.
තවද ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතට සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගැසට් කර තිබේ.
එසේම ආයතන 07ක් ඉඩම් අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබේ. මේ අනුව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය, ඉඩම් මැනුම් සභාව, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව හා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව පවරා තිබේ.
එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.