තිරිඟු පිටි මිල වැඩි කරන්න ඉල්ලීමක්
03 May 2021
තිරිඟු පිටි මිල වැඩි කරන්න ඉල්ලීමක්
03 May 2021
ලෝක වෙළෙඳපොළේ තිරිඟු මිල 20%කින් වැඩිවීම නිසා සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සමාගම නිෂ්පාදනය කරන 7 Star තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 18කින් අද (3දා) සිට වැඩි කරන බව එම සමාගම අලෙවි නියෝජිතයන්ට දැනුම් දී තිබේ.
පසුගිය වසර හයක කාලය තුළ තිරිඟු පිටි මිල සංශෝධනයකට ලක් කර නොමැත. තිරිඟු ප්‍රවාහන පිරිවැය 50%කින්ද ඇසුරුම් ද්‍රව්‍ය මිල 20%කින්ද වැඩි වී ඇති බව එම ආයතනය සඳහන් කරයි.එම නිසා තිරිඟු පිටි මිල වැඩි කළ යුතු බව ආයතනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියටද දැනුම් දී තිබේ.
එහෙත් නිසි අවසරයකින් තොරව මිල වැඩි නොකරන ලෙස අධිකාරිය සමාගමට දැනුම් දී තිබේ. ප්‍රීමා සමාගමටද තිරිඟු පිටි මිල වැඩිකිරීම සඳහා මෙතෙක් අවසර ඉල්ලා නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාන් පිටි කිලෝග්‍රෑමයක පාලන මිල රුපියල් 87කි.
උදයජීව ඒකනායක