තේ ආදායම පහතට
25 December 2020
තේ ආදායම පහතට
25 December 2020
මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා මාස 11ක කාලයේදී තේ දලු අපනයනයද කිලෝ මිලියන 27.3කින් පහත වැටී තිබේ. කෙසේ වෙතත් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිදුවූ රුපියලේ අගය උච්ඡාවචනයන් මත මෑත ඉතිහාසයේ තේ කිලෝවකට ලද උපරිම මිල වන රුපියල් 80 පසුගිය මාස 11 ඇතුළත වාර්තා වී ඇත. ෆෝබ්ස් සහ වෝකර් තේ තැරැව්කාර සමාගමට අනුව 2020 පළමු මාස 11දී සම්මත තේ අපනයනය කිලෝමිලියන 241.6ක් වන අතර එම අගය 2019 වර්ෂයේදී කිලෝමිලියන 268.9 ලෙසින් සටහන් වී තිබේ.
මෙම වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ගැනුම්කරුවා බවට පත්ව ඇත්තේ තුර්කියයි. ඉරාකය සහ රුසියාව එම ලැයිස්තුවේ දෙවන හා තෙවන ස්ථානයට පත්ව ඇත. කෙසේ වෙතත් පෙර වසරේදී ඉහළ ඉල්ලුමක් පැවැති ඉරාණය, ලිබියාව, ජපානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සිරියාව සිය ඉල්ලුම් යම් ප්‍රමාණයකින් පහත දමා තිබේ.
2020 නොවැම්බර් මාසයේදී මෙරට තේ අපනයනය කිලෝ මිලියන 1.7කින් අඩු වී ඇත. 2019 නොවැම්බරයේදී තේ අපනයනය කිලෝමිලියන 21.9 ලෙස වාර්තා වී ඇති අතර 2020 එම මාසයේදී අපනයනය කිලෝ මිලියන 20.2ක් ලෙස වාර්තා වී තිබේ.
නයන තරංග ගමගේ