දරුවන්ට දෙන කැස්ස සිරප් එකක හෙරොයින් - කෝලා බීමක කොකේන්
21 May 2021
දරුවන්ට දෙන කැස්ස සිරප් එකක හෙරොයින් - කෝලා බීමක කොකේන්
21 May 2021
ඇබ්බැහි වුනත් වෛද්‍යවරයෙක් නියම කරනවා නම් ෆාමසියෙන් ගන්න පුලුවන්
වර්තමානයට සාපේක්ෂව 19 වන හා 20 වන සියවස්වල විසූ වෛද්‍යවරුන් විවිධ වෛද්‍ය ප්‍රතිකාර වෙනස් ආකාරවලින් රෝගීන් හට ලබා දුන් ආකාරය පිළිබඳ බොහෝ සාක්ෂි හමු වී තිබේ. ජර්මානු ඖෂධ සමාගමක් වන "බේයර්", 1890 ගණන්වල අගභාගයේ දී ඇස්ප්‍රීන් සහ හෙරොයින් සංයෝග කිරීම මඟින් ළමුන් තුළ වර්ධනය වන කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග මැඬලීම සඳහා ප්‍රතිකාරයක් සූදානම් කළේය. මෙම සිරප් වර්ගය 1912 දක්වාම භාවිතයට ගත් බව පෙනේ.![](http://www.aruna.lk/wp-content/uploads/2021/05/s-l400-300x226.jpg)
එසේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි හෙරොයින් කැස්ස සිරප් ඖෂධය ෆාමසිවල රාක්කවලින් ඉවත් කෙරෙන්නට ඇති බව ඔබ සිතනු ඇත. එනමුත් එසේ නො වීය. වෛද්‍යවරයෙකු විසින් ලියන ලද බෙහෙත් වට්ටෝරුවක් හරහා පමණක් ලබා දෙන පරිදි එය වෙළෙඳසල් තුළ දිගටම අලෙවි විය. 1924 දී එෆ්. ඩී. ඒ. (Food and Drug Administration - ආහාර හා ඖෂධ පාලන නියාමන කොමිසම) හරහා ඖෂධය තහනම් කරන තෙක්ම ඕනෑම රෝගියෙකුට වෛද්‍යවරයෙකුගේ බෙහෙත් වට්ටෝරුවක් හරහා එම සිරප් වර්ගය ලබා ගත හැකි විය.එසේ වුවත් වැඩි දුර සොයා බැලීමේ දී අදාළ ඖෂධය මගින් රෝගීන් සුව වනවාට වඩා හෙරොයින් නමැති මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීමක් සිදුව තිබෙන බව ඔවුනට දැන ගන්නට ලැබී තිබේ.
![](http://www.aruna.lk/wp-content/uploads/2021/05/B626863E-4A2D-4ED2-955E755ED99D3110_source-300x200.jpg)