roadBlockMobile
brand logo
logo

දුරගමන් දුම්රියන් හෙට සිට නවතී

16 July 2021

කොළඹ කොටුව සහ මරදාන සිට පිට පළාත් සදහා ධාවනය වන දුම්රියන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා මහතා පැවසුවේ හෙට (17) සිට නැවත දැනුම් දෙන තුරු පිට පළාත් සදහා දුම්රිය ධාවනය නොවන බවයි. කොවීඩ් 19 වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතය ලබාදුන් උපදෙස් මත මෙම පියවර ගත් බව ඔහු පැවසීය. පළාත් අතර සංචරණ සීමා පනවා තිබියදී අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් පිට පළාත් වල සිට කොළඹ කොටුව සහ මරදාන දක්වා දුම්රිය හතක් ධාවනය කිරීමට පියවර ගනු ලැබුවේ පසුගිය 14 වැනිදා සිටය. පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම දුම්රියන් ධාවනය තාවකාලිකව නතර කර තිබේ.
 

More News..