brand logo
logo

දුර්ලභ ගණයේ සඳුන් දිවියෙකු ගල් ගසා මරලා - මරණ හැටි කතක් වීඩියෝ කරලා

19 March 2021

දුර්ලභ සඳුන් දිවියෙකු ගල්වලින් ගසා ඝාතනය කළ සැකකරුවන් දෙදෙනකු රුපියල් ලක්‍ෂ තුනක ශරීර ඇප මත මුදාහැරීමට මාතලේ මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක පෙරේදා (17දා) නියෝග කළේය. රත්තොට නිකලොයවත්ත සිංගාමලේ ප්‍රදේශයේ කැලෑවකදී සඳුන් දිවියා උගුලක් අටවා අල්ලාගෙන ගල් ගසා මරා දමන අයුරු ප්‍රදේශයේ කාන්තාවක් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර තිබූ බව වැටලීම මෙහෙයවූ රජ්ජම්මන වන ජීවී අඩවි ආරක්‍ෂක පී.එම්.බී.විජේකෝන් පැවැසීය. 1992 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇත. කළ විමර්ශනවලදී සඳුන් දිවියාට පහරදී මරා දැමීමට යොදා ගත් ගල් රෝම කූප සහ මස් කැබැලි සොයා ගත් බවත් එක් සැකකරුවෙකුගේ ගෙවත්ත පරීක්‍ෂා කිරීමේදී කම්බි මදු හයක් ජලය සොයා එන වන සතුන් අල්ලා ගැනීමට අටවන හබක් දෙකක්ද වන ජීවී නිලධාරීහු සිය භාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත. සඳුන් දිවියා ගල් ගසා මරණ අයුරු වීඩියෝ කළ කාන්තාව සතු ජංගම දුරකථනයද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ශරීර ඇප මත මුදාහල සැකකරුවන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොණු කිරීම සහ වැඩි දුර විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම 2021 මැයි මස 20 දිනට කැඳවන ලෙස අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය. සුනිල් රූපසිංහ -පල්ලේපොළ ගැමුණු ධර්ම ශ්‍රී හේරත් - මාතලේ
 

More News..