brand logo
logo

නිවසේ සිටින කොවිඩ් රෝගීන් රැකබලා ගැනීමේ නව වැඩ පිළිවෙලක්

28 June 2021

කොරෝනා ආසාදිත රෝගීන් නිවෙස්වලම රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ රැකබලා ගැනීමේ නව වැඩසටහන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

If COVID-19 Comes to Your Home, Learn to Isolate Safely කොරෝනා රෝගීන් නිවාසවල රඳවා ඔවුන් සමග 1390 හරහා සෘජු දුරකතන අංකය ඔස්සේ සම්බන්ධතා ඇතිකර ගනිමින් රෝග ලක්ෂණ වැඩිදුර පෙන්වන සහ වසය අවුරුදු 60ට වැඩි රෝගීන් ඉක්මණින් රෝහල්ගත කිරීමටත් නව වැඩපිළිවෙළ යටතේ අවස්ථාව හිමිවන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව, රෝග ලක්ෂණ නොමැති හෝ රෝග ලක්ෂ අවම රෝගීන් ඔවුන්ගේ අවදානම් තත්ත්වයන්, නිවෙස්වල රැදී සිටීමේ හැකියාව, අවට ප්‍රදේශයේ තත්ත්වය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් මුල් කර ගනිමින් රෝහල් වෙත යොමුකරන තෙක් නිවසේ රඳවා ගැනීම සිදු කරනු ලබයි.

නිවෙස්වල සිටින කොරෝනා රෝගීන් සමග විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් දිනපතා දුරකතනයෙන් කරුණු විමසන අතර අවශ්‍ය රෝගීන් පමණක් රෝහල්වලට යොමු කිරීමට අවශ්‍ය කටයුතු යොදන බව සඳහන් වේ.
 

More News..