දිනපතා බිත්තර ලක්ෂ 70ක් ඉතුරු වෙයි
බිත්තර ඇමැති කෝ ?
දෛනිකව රටතුළ නිෂ්පාදනය වන
බිත්තර ලක්ෂ 80-90ත් අතර ප්‍රමාණයෙන්
ලක්ෂ 70කට වඩා දිනපතා ගොඩ ගැසී ඇති බව බිත්ත නිෂ්පාදකයෝ පවසති. අඛණ්ඩව
සති තුනක කාලයක් මුළු රටම ආවරණය වන පරිදි සංචරණ සීමා පැණවීම මීට හේතුව ලෙස ඔවුහූ පෙන්වා දෙති.
බිත්තරයක සාමාන්‍ය වෙළෙඳ පොල මිල රුපියල් 14ක් වුවත් අද වන විට බිත්තරයක් රුපියල් 10 කටවත් විකුණාගත නොහැකි බවද කියයි.
කුකුළන් දින 35-40ක කාලයේත් ඌරන් දින 60ත් වැනි කාලයේදී මස් සඳහා වෙළෙඳපොළට නිකුත් කළ යුතු වුවත් නියමිත කාලයට එම සතුන් වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වීම නිසා සතුන් රෝගවලට ගොදුරුවී මියයාම ත් සත්ත්ව ආහාරවල මිල ඉහළ යෑම නිසා දීර්ඝකාලයක් සතුන් නඩත්තු කිරීමත් නිසා මහත් පාඩු සිදුවන බව ද සත්ත්ව ගොවිපොළවල හිමිකරුවෝ කියති.
බිත්තර සඳහාම රාජ්‍ය ඇමැතිවරයකු කුරුණෑගල ප්‍රදේශයන් පත්කර ඇතත් පත්වී වසරක් ගතව ඇතත් ඇමැතිවරයා නිෂ්පාදකයන් සමග
වචනයක්වත් කතාකර නොමැති බව ද ගොවීහු පවසති .
එළවළු අලෙවියට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවා සේම මස් හා බිත්තර අලෙවිය සඳහාද කිසියම් ක්‍රමවේදයක් සකසන ලෙස ගොවීහු ඉල්ලා සිටිති.