roadBlockMobile
brand logo
logo

මධ්‍යම පරිසර අධිකාරිය අතවශ්‍ය සේවාවක්

29 March 2020

වහාම ක‍්‍රියාත්මක වන පරිදි මධ්‍යම පරිසර අධිකාරිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත. රාජකාරි කටයුතු සදහා ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් ඉල්ලා ඇති පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරින් හෙට (30) සිට අනුයුක්ත කර තිබේ. ශ්‍රී ලංකාවට බලපා ඇති ව්‍යසනකාරි තත්ත්වය පහව යන තුරු ප‍්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් කොරෝනා වයිරසය තුරන් කිරීමට ක‍්‍රියාත්මක කරනු ලබන වැඩ සටහන් සදහා දායකත්වය ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත කරනු ලබයි. දිවයින පුරා ස්ථාපිත කර ඇති සියලූ ජල පවිත‍්‍රාගාරවල කටයුතු අධීක්ෂණය සදහා ජල සම්පාදන මණ්ඩලයේ රාජකාරි කටයුතු සදහා මෙම ෙක්‍ෂත‍්‍ර නිලධාරින් ගෙන් පිරිසක් අනුයුක්ත කර ඇත
 

More News..