brand logo
logo

මහා බාධක කොරල්පරය අවදානමේ ද?

23 June 2021

ඕස්ට්‍රේලියාවේ මහාබාධක කොරල්පරය අවදානමට ලක්ව ඇති ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට යුනෙස්කෝ සංවිධානය සැලසුම් කර තිබේ.

ලබන මාසයේ පැවැත්වෙන රැස්වීමකදී, එම ලැයිස්තුවට එය ඇතුළත් කරන බව එක්සත් ජාතීන්ගේ සංස්කෘතික ආයතනය පවසයි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස මුහුදු ජලයේ උණුසුම ඉහළ යාමෙන් කොරල්පරයට දැඩි ලෙස හානි සිදුවීම හේතුවෙන් ඒ සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස එම සංවිධානය ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටී. ඕස්ට්‍රේලියානු රජය කොතරම් උත්සාහ කළ ද කොරල්පරය සහිත ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ප්‍රධාන ඉලක්ක සපුරා නොමැති බව යුනෙස්කෝව පවසයි. පසුගිය වසර 5 තුළ මහා බාධක කොරල්පරයේ පැහැය වෙනස් වී ඇති අතර බහුල වශයෙන් කොරල්පර මියගොස් ඇතැයි සඳහන් වේ. What Happens When A Coral Reef Dies?  
 

More News..