මැයි 19න් ශ්‍රී පාද වන්දනා වාරය අවසන් - අවාරයේදි ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමෙන් වැලකි සිටින්නැයි ඉල්ලීමක්
10 May 2019
මැයි 19න් ශ්‍රී පාද වන්දනා වාරය අවසන් - අවාරයේදි ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමෙන් වැලකි සිටින්නැයි ඉල්ලීමක්
10 May 2019
2018/2019 ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පෙහෝ දිනට පසු දිනෙන් (19) අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජ මහ විහාරයේ විහාරාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝ නායක සහ ඌවවෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වමින් වහන්සේ පැවසිය.
2018/ 2019 ශ්‍රි පාද වන්දනා වාරය අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා අද (10) නල්තන්නිය ග්‍රාමසේවා නිලධාරි කාර්යයලයේ රැස්විම් ශාලාවේ පැවති රැස්විමේදි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් පැවසිය.
වෙසක් පොහො දිනට පසු දින එනම් 19 වෙනි දින ශ්‍රි පාද උඩ මළුවේ බුද්ධ පුජාව පැවැත්විමෙන් අනතුරුව ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ මාර්ග තුනක් ඔස්සේ පැල්මඩුල්ල රජ මහ විහාරය දක්වා රිය පෙරහැරක් මගින් වැඩම්මවන බවයි ශ්‍රි පාදස්ථානාධිපතිහිමියන් කියා සිටියේ .
ශ්‍රි පාද උඩ මළුවේ සිට නල්ලතන්නිය දක්වා වැඩම කරන සමන් දේව ප්‍රතිමාව , දේවාභරණ සහ නල්ලතන්නියේ බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කර ඇකි සාදාතුක කරඩුන් වහන්සේ පෙරහැරවල් දෙකක් වශයෙන් පැල්මඩුල්ල රජමහ විහාරස්ථානය දක්වා රිය පෙරහැරක් මගින් වඩම්මවන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ .
නල්ලතන්නියේ සිට එක් පෙරහැරක් බගවන්තලාව බලංගොඩ හරහා පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානය දක්වාත්, තවත් පෙරහැරක් නල්ලතන්නිය ලක්ෂපාන යටියන්තොට අවිස්සාවේල්ල රත්නපුර හරහා පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානය දක්වා වඩම්මවා පෙරහැරවල් තුනක් ඔස්සේ වැඩැම්ම වු සාදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ එදින රාත්‍රි සිට පසු දින (20) අලුයම දක්වා පැල්මඩුල්ල රජ මහා විහාරයේ ගමන් මාලිගාවේ තැන්පත් කර එදිනම රිය පෙරහැරක් මගින් පැලමඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කර ශ්‍රි පා ද වන්දනා වාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තබන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ.
මෙවර පරිසර හිතකාමි ලෙස 2018/2019 ශ්‍රි පාද වන්දනා වාරය පැවැත්වු බවත්, මෙවර ශ්‍රි පාද වන්දනා වාරයට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවත්, ශ්‍රි පාදස්ථානය අවාරයේදි වන්දනා කිරිමෙන් වැලකි සිටින ලෙසත් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඉල්ලා සිටියා.
මෙම රැස්විමට නුවරඑලිය අතිරේක දිස්ත්‍රික් ලේකම පි.ඒ සරත්චන්ද්‍ර සහ අඹගමුව ප්‍රාදේශිය ලේකම් ආර්.ටි.බි සුමනසේකර ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරින් රැසක් සහභාගි විය.
හැටන් රංජිත් රාජපක්ෂ
![](http://www.aruna.lk/wp-content/uploads/2019/05/DSC08285.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/05/DSC08288.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/05/DSC08291.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/05/DSC08293-1.jpg)
![](http://www.aruna.lk/wp-content/uploads/2019/05/DSC08293.jpg)