මෙරට රැඳි සිටි ඉන්දියානුවන් රැගෙන යාමට විශේෂ නෞකාවක්
01 June 2020
මෙරට රැඳි සිටි ඉන්දියානුවන් රැගෙන යාමට විශේෂ නෞකාවක්
01 June 2020
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් අද(01) කොළඹ වරායට පැමිණ තිබේ.
ඉන්දීය නාවික හමුදාවට අයත් ජලශ්වා නෞකාවේ මෙරට රැඳී සිටින ඉන්දීය ජාතිකයින් 700කට ආසන්න පිරිසක් රැගෙන යාමට නියමිතයි.
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයත් සමඟ සිය රට බලා යාමට නොහැකිව ඉන්දීය ජාතිකයින් 1500කට අධික පිරිසක් මෙරට රැඳී සිටින අතර ඉන් පළමු කණ්ඩායම පසුගිය 29 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ඉන්දීය ජාතිකයින් 176 දෙනෙකු එලෙස පිටත්ව ගිය අතර ඒ සඳහා ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් පැමිණ තිබූණි.
දෙවන කණ්ඩායම ලෙස ඉන්දීය ජාතිකයින් 700කට ආසන්න පිරිසක් රැගත් ජලශ්වා නෞකාවෙන් හෙට කොළඹ වරායෙන් පිටත්ව යාමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.