roadBlockMobile
brand logo
logo

රජයෙන් ගම්මිරිස් මිලට ගැනීම අරඹයි

09 April 2021

කුළු බඩු සංස්ථාව මගින් ගම්මිරිස් මිලට ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සුළු අපනයන භෝග ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ගම්මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 800 ක මිලකට මිලදී ගැනීම සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි. ගම්මිරිස් බහුල ලෙස වගා කෙරෙන ප්‍රදේශ වන මීමුරේ හා රත්නපුර කොලොන්න ප්‍රදේශවල එම මිලදී ගැනීම් සිදු කර ඇත. ඒ යටතේ මිලදී ගෙන ඇති ගම්මිරිස් ප්‍රමාණය කිලෝග්‍රෑම් 15,000 කට අධික බව අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි. මීට සමාගාමීව මිලදී ගන්නා ගම්මිරිස් සහන මිලට ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..