brand logo
logo

රාජ්‍ය සේවකයන් කැඳවීම සීමා කරන්න යයි

26 April 2021

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයන් කැඳවීම බොහෝ දුරට හෙට (27 වැනිදා) දින සිට සීමා කිරීමට සිදු වනු ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි ඊයේ (25 වැනිදා) අරුණට පැවසීය. ලේකම්වරයා ප්‍රකාශ කළේ මේ සම්බබන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවයි. එහි අවසන් තීරණය අද (26 වැනිදා) හෝ හෙට (27 වැනිදා) ප්‍රකාශ කරන බවත් පවසයි. මීට පෙරදීද පැවැති කොවිඩ් වසංගතය හේතුවෙන් රජයේ කාර්යාලවලට සේවකයන් කැඳවීම සීමා කර තිබිණි. එම වසංගත තත්ත්වය යම්තාක් දුරකට සමනය වීමෙන් පසු රාජ්‍ය අංශයේ සියලු සේවකයන් යළි සේවයට පැමිණියේ පසුගිය මාර්තු මස 08 වැනිදාය. එනම් වසරක කාලයකට පසුවය. චාමර පල්ලේගෙදර
 

More News..