roadBlockMobile
brand logo
logo

ව්‍යාජ රු. 5000 නෝට්ටු සමග දෙදෙනෙකු අත්අඩංගුවට

31 March 2021

උත්සව සමයේ ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු සංසරණයේ ප්‍රවණතාවක් මතුව ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම් වලින් ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු සොයා ගැනීමට හැකි වූ බවයි. බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ වෙළෙදසැලකින් භාණ්ඩ මිලදී ගැනීමේදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 02ක් ලබාදුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් එක් සැකකරුවකුගේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් ව්‍යාජ නෝට්ටු හතරක් ද සොයා ගැනීමට පොලීසියට හැකිවී ඇත. උත්සව සමයේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබදව සැළකිලිමත් වන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
 

More News..