විද්‍යාපීඨ ජාතික අධ්‍යාපන ආයතනයට ගන්නවාට විරෝධයක්
15 September 2020
විද්‍යාපීඨ ජාතික අධ්‍යාපන ආයතනයට ගන්නවාට විරෝධයක්
15 September 2020
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ජාතික අධ්‍යාපන ආයතනය යටතට පත් කර උපාධිධාරීන් බිහි කිරීමේ සැලසුමට සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය සිය විරෝධය පළ කරයි.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් උපාධිධාරීන් බිහි කිරීමට නම් වෙනම මණ්ඩලයක් පිහිටුවීම හෝ දැනට පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල දෙකක මණ්ඩප ලෙස මෙම විද්‍යාපීඨ ඇති කිරීම යන යෝජනා එම සංගමය ඒ සඳහා ඉදිරිපත් කරයි.
මෙම යෝජනා සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට හෝ කිසිදු සාකච්ඡාවකට අවස්ථාවක් නොලැබුණු බව සංගමයේ ලේකම් ධම්මික මිරිහාන ‘අරුණ’ට ඊයේ (14 වැනිදා) පැවසීය. ජාතික අධ්‍යාපන ආයතනය ක්‍රියාත්මක විය යුත්තේ විෂයමාලා සංවර්ධනය සඳහා වන ආයතනයක් ලෙස බවත් එවැනි ආයතනයක් යටතට අධ්‍යාපන විද්‍යාපීඨ පත් කීරීම අර්ථ විරහිත ක්‍රියාවක් බවත් ඒ මහතා කීවේය.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ජාතික අධ්‍යාපන ආයතනය යටතට පත් කර උපාධිධාරීන් බිහි කිරීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
එම සැලසුමට අනුව මින් ඉදිරියට ගුරු සේවයට බඳවා ගැනෙන්නේ මෙම විද්‍යාපීඨවලින් පුහුණුව ලබන උපාධිධාරින් පමණි.
සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය ප්‍රශ්න කරන්නේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ගුරුවරුන් සොයා ගන්නේ කෙසේද යන්න ය. දැනට විද්‍යාපීඨවලින් පුහුණු වන ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු සඳහා යෙදවෙන්නේ උසස් පෙළට පහළ ශ්‍රේණි සඳහාය. එහෙත් අමාත්‍යාංශයේ නව වැඩපිළිවෙළට අනුව උසස් පෙළට අවශ්‍ය ගුරුවරුද පුහුණු කෙරෙන්නේ විද්යාපීඨවලිනි. මෙම නව ක්‍රියාවලිය ලබන වසරේ සිට ආරම්භ කිරීමට නියමිතය.
නිලන්ත මදුරාවල