brand logo
logo

වේවැල් භාණ්ඩවල ඉල්ලුම ඉහළට

20 February 2021

දේශීය වශයෙන් වේවැල් භාණ්ඩ සෑදීම සඳහා අමුද්‍රව්‍ය රට තුළ ඇතත් ඒවා සපයා ගැනීමට ඇති නීතිමය බාධා නිසා එම භාණ්ඩ නිෂ්පාදනයේදී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව ඇති බව වේවැල් භාණ්ඩ නිෂ්පාදකයයෝ පවසති. එසේම වේවැල් භාණ්ඩ සඳහා වෙළෙඳපොළෙහි හොඳ ඉල්ලුමක් පැවතියද ඒ සඳහා අවශ්‍ය සැපයුම ලබා දීමට නොහැකි බවද වේවැල් භාණ්ඩ නිෂ්පාදකයන් ප්‍රකාශ කරයි. මෙරට වනාන්තරවල වේවැල් භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය වේවැල් ඇති බවත්, පිටරටින් වේවැල් ගෙන ඒමේ අවශ්‍යතාවක් නොමැති බවද එම නිෂ්පාදකයෝ පෙන්වා දෙති. පවතින නීතිමය බාධා මේ සඳහා ගැටලුවක්ව ඇති බවත්, එය ලිහිල් කිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කරති. වරුණි පෙරමුණ
 

More News..