brand logo
logo

ශ්‍රී පාද වන්දනා සමය සම්බන්ධව බැතිමතුන්ට දැනුවත් කිරීමක්

24 May 2021

ශ්‍රී පාද වන්දනා වාරය අවසන් කර නැවත සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ආපසු වැඩම කිරීමේදී බැතිමතුන්ට වන්දනා කිරීමට මෙවර අවස්ථාව නොලැබෙන බව සඳහන් කර ඇත. මේ බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න හිමි පවසති. මෙවර ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන 27වන දිනෙන් අවසන් වෙයි. ඒ අනුව ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කර තිබෙන සාධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පුජා භාණ්ඩවලින් කොටසක් එදින අලුයම යෙදී ඇති සුභ නැකතින් වැඩම කරවීමට නියමිතය. මෙහිදී නිරෝධායන උපදෙස්වලට අනුකූලව යුද හමුදා භට පිරිස් රත්නපුර පලාබද්දර මාර්ගය ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා පෙරහැරකින් වැඩම කරවීමට නියමිතය. අනෙක් පෙරහැර ශ්‍රී පාද උඩමළුවේ සිට නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා එදින පස්වරුවේ වැඩම කරවීමට නියමිතය .
 

More News..