brand logo
logo

හැටන් පෞද්ගලික බස් නැවතුම්පොල අසළින් හමුදා නිලඇදුමක් සොයාගැනේ

07 May 2019

හැටන් පෞද්ගලික බස් නැවතුම්පොල අසල පොදු වැසිකිලියට ආසන්නයේ කැලි කසල බැහැර කරන ස්ථානයක බැගයක දමා තිබු යුධ හමුදා නිල ඇදුමක් සහ හිස් වැසුමක් හැටන් පොලිසිය සහ යුධ හමුදා විසින් අද (07) උදැසන සොයා ගනු ලැබුවා. කැලි කසල බැහැර කරන ස්ථානයේ සැක සහිත පාර්සලයක් තිබෙන බවට බස් නැවතුම්පොලට පැමිණි මගි ජනතාව විසින් ලබාදුන් තොරතුරක් මතයි මෙම නිල ඇදුම සොයාගෙන ඇත්තේ. හැටන් පොලිසිය සහ යුධ හමුදාව එකාබද්ධව ප්‍රදේශය පුරා සොදිසි මෙහෙයුම් සිදු කරන නිසා මෙම නිල ඇදුම කැලි කසල බැහර කරන ස්ථානයට කිසියම් අයෙකු විසින් ගෙනවිත් දමන්නට ඇති බවට හැටන් පොලිසිය සැකකරයි. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..