brand logo
logo

මහජන සෞඛ්‍ය පරීක්ෂක වර්ජනය අත්හිටුවයි

25 May 2021

බස්නාහිර පළාත තුළ සේවයේ නියුතු මහජන පරීක්ෂකවරුන් අද (25) ක්‍රියාත්මක කිරීමට සිටි වැඩ වර්ජනය අත්හිටවූ බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්. බාලසූරිය මහතා සඳහන් කර තිබේ. එම සංගමයේ ලේකම්වරයා සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අත්හිටවූ බවය. සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව සඳහන් කරයි. සෞඛ්‍ය සේවයේ නියුතු සෙසු වෘත්තීන් අතහැර සෞඛ්‍ය සේවයේ ඉදිරිපෙළ කටයුතු කරන වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සමාජිකයන්ට පමණක් ප්‍රමුඛත්වය දීමට එරෙහිව වර්ජනය ක්‍රියාත්මක  කිරීමට නියමිතව තිබුණු බව ද ඔහු සඳහන් කරයි. මේ අනුව සෞඛ්‍ය අමාත්‍යවරිය සමග කළ සාකච්ඡාවේ දී අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ට ද එන්නත් ලබාදීමට පොරොන්දු වීම හේතුවෙන් එම වර්ජනය අත්හිටුවීමට කටයුතු කළ බව සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර ඇත. "ඉදිරිපෙළ කටයුතු කරන වෛද්‍ය නිලධාරීන්ගේ සහ පවුල්වල අයට පමණක් එන්නත් ලබාදීමට එරෙහිව, ඔවුන්ට විතරක් සුවිශේෂ වරප්‍රසාද ලබාදීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටියා. ඊයේ රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග කළ සාකච්ඡාවේදී ගත් තීරණයත් එක්ක, එම තීරණය වෙනස් කරා තාවකාලිකව. අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ටත් එන්නත් ලබාදීමට පොරොන්දුවීමත් සමග මෙම කටයුත්ත තාවකාලිකව නතර කරනු ලැබුවා."
 

More News..