brand logo
logo
දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක වායු ගුණාත්මකභාවය යළි පහළට

දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක වායු ගුණාත්මකභාවය යළි පහළට

29 January 2023

දිවයිනේ නගර රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.


එහි වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ, සරත් ප්‍රේමසිරි පැවසුවේ නගර රැසක වායු ගුණාත්මකභාවය අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව 100 ත් 150 ත් අතර අගයක සටහන් වන බවයි.


මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවතිය හැකි බව ඔහු සඳහන් කළේය.


ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිරීක්ෂණයට අනුව ලබන මාර්තු මාසය දක්වා මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් පැවතිය හැකියි.

 

More News..