වනජීවි හා වන සංරක්ෂණය පාසල් විෂය මාලාවට එකතු කිරීම සදහා වනජීවි සහ වන සංරක්ෂණ ඇමැති සී.බී.රත්නායක විසින් අධ්‍යාපන ඇමැතිවරයාට යෝජනාවක් ඉදිරිපත්කර ඇත.
පරිසරය සමග සහජීවනයෙන් කටයුතු කිරීම සම්බන්ධව වනජීවි සංරක්ෂණය හා වන සංරක්ෂණය ප්‍රාථමික අධ්‍යාපනයේ සිට පාසල් විෂය ධාරාවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමුකර තිබේ.
මෙම යෝජනාවට අදාළව අධ්‍යාපන ඇමැතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාර ලැබී තිබෙන හෙයින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස වනජීවි සහ වන සංරක්ෂණ ඇමැතිවරයා අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ ට උපදෙස් ලබාදී ඇත.
සාලිය කුමාර ගුණසේකර